වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ප්‍රසාද් ධර්මසේන සැබැවින්ම කව්ද මේ ප්‍රසාද් ධර්මසේන. හෙතෙම හිටපු වැවිලි අමාත්‍යවරයෙකු වන නවින් දිසානායක විසින් තම බල කාලය තුළ ජාතික වැවිලි කළමනා කරණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අයෙකි. නවීන් දිසානායක විසින් ලබා දුන් අධ්‍යක්ෂ තනතුරට සරිලන ලෙස ප්‍රසාද් ධර්මසේන විසින් ආයතනය තුළත් ඉන් පිටතත් නොසෑහෙන ලෙස පක්ෂ දේශපාලනය කළ අදටත් එම දේශපාලනයම සිදු කරන පුද්ගලයෙකි.
අමාත්‍යාංශයට පත්වන ඇමතිවරයාට ලංවී තම අධ්‍යක්ෂ තනතුර රැක ගැනීම වෙනුවෙන් ඕනෑම නොපනත් ක්‍රියාවක් සිදු කිරීමට පසුබට නොවන අයෙක් බව ආයතනයේ සියල්ලෝම දන්නා කරුණකි. ඉතාම කෛරාටික ලෙස වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සුක්ෂම ලෙස අල්ලාගෙන විවිධ ක්‍රම ඔස්සේ එම පිරිස සන්තෘප්ත කරමින් ඒ හරහා අමුතුම බලයක් ආරෝපණය කරගත් පුද්ගලයෙක් බවත් බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීතීරීති අමු අමුවේ උල්ලංඝණය කරමින් දේශපාලනික කටයුතු සිදු කළ ප්‍රසාද් ධර්මසේන ප්‍රචාරක රථ. කෑමබීම ආදිය ද ලබා දෙමින් කිසිදු හිරිකිතයක් නොමැතිව දේශපාලනය කළ අයෙකි.

ප්‍රසාද් ධර්මසේනගේ පත්වීම නීති විරෝධී බවට සාක්ෂි ඇත. සුක්ෂම ලෙස විෂය භාරව පැමිණෙන ඇමතිවරයාට කිට්ටු වී විවිධ වරදාන, වරප්‍රසාද, සන්තෘප්ත කිරීම් සිදු කර එම ඇමතිවරයා හරහා තම තනතුර දිගින් දිගටම රැකගත් අයෙක් බව ආයතනය තුළ ප්‍රකට කරුණකි.
අදාල අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමේ මෙන්ම ඉවත් කිරීමේ බලය ද අදාල විෂය භාර අමාත්‍යවරයාට හිමි වන නමුදු සභාපතිවරයා බල රහිතව තබා ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලයද තම අත්තනෝමතිකව පාවිච්චි කරන දේශපාලන බලය හරහා යට කරගෙන සිටිමින් විවිධ කුඨ ක්‍රම ඔස්සේ සියලු දෙනා අල්ලාගෙන තම තනතුර දිගින් දිගටම ආරක්ෂා කර ගැනීමට වෙහෙස දරණ ප්‍රසාද් ධර්මසේන සිදු කරන ලද බොහෝ දුෂිත ක්‍රියා එකින් එක එළියට එමින් ඇත.
එමෙන්ම තම ධුරය ස්ථිර කර ගැනීම සඳහා ඔහු විසින්ම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් හරහා අධ්‍යක්ෂ මණ්ඩලය රවටා ගනිමින් සේවය ස්ථිර කරගැනිමට කටයුතු කර ඇත. එමෙන්ම වැටුප් තලද ඉහළ දමාගෙන ඇත්තේ කුඨ ලෙස කටයුතු කරමින්ය. අසාධාරණයට විරුද්ධ වන නිලධාරීන්ගෙන් ඉතා පහත් ලෙස නින්දිත ලෙස පළිගන්නා මෙම ප්‍රසාද් ධර්මසේන යන අධ්‍යක්ෂවරයාගේ අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ඉදිරියේදී සවිස්තර තොරතුරු එලියට දැමීමට අප සුදානම්.
