ශ්‍රී ලාංකීය වමේ ව්‍යාපාරයට නව විප්ලවවාදී පක්ෂයක් බිහි කිරීමේ මූලික සාකච්ඡාව 1965 මැයි 14 වෙනි දින රෝහණ විජේවීර ගේ මූලිකත්වයෙන් සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ගාල්ල අක්මීමන දී සිදු කරනු ලැබීය.

මේ ආකාරයෙන් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය පසුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස නම් කළ අතර, එහි 60 වෙනි වර්ෂ පූර්ණ සැමරුම අද (මැයි 14) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී අභිමානයෙන් යුතුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම පක්ෂය මෙතෙක් ආ මග පිළිබඳව සංෂිප්තය සටහන් කර තිබෙන්නේ “මාක්ස්වාදයේ සත්‍යය පරීක්ෂා වූයේ දර්ශනය නොව දේශපාලනය තුළ ය. අක්මීමන සාකච්ඡාවේ සත්‍යය ද පරීක්ෂා වනු ඇත්තේ ශාස්ත්‍රීය ඉතිහාස අධ්‍යයනය තුළ නොව දේශපාලනයේ අග්නි පරීක්ෂාව තුළ ය” යනුවෙනි.

WhatsApp Image 2025 05 13 at 20.13.52 0306b402