රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන දේශපාලනය කිරීමක්; වෛද්‍ය වර්ජනය ගැන හෙළිදරව්වක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව හෙට (28) යළි විභාගයට ගැනීමට නියමිතව තිබියදී, ඊට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හදිසි වැඩ වර්ජනයක් දියත් කිරීමට තර්ජනය කර තිබේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වෛද්‍යවරුන්ගේ වැටුප් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමා
සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක නාමල්ගේ බෑග් උස්සයි? ඡායාරූපවලින් හෙළි වූ රහස
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ආරාධනයක් මත සිදු කළ සංචාරයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ගමන් මලු රැගෙන යන්නෙකු (සහායකයෙකු) ලෙස එක්ව සිටි බව සනාථ වී තිබේ. මේ බව තහවුරු කෙරෙන ඡායාරූප රැසක් මේ වන විට සමාජ
බලය ලබා ගැනීමට කළ කැපවීමට වඩා විශාල මැදිහත්වීමක් ඉදිරියටත් අවශ්‍යයි; 159ක බලය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ
බලය ලබා ගැනීම සඳහා සිදුකළ කැපවීමට වඩා දැවැන්ත මැදිහත්වීමක් බලය පවත්වාගෙන යාම සහ රාජ්‍ය තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඉදිරියටත් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. පසුගිය 21 වනදා කොළඹදී පැවති වී. අයි. ලෙනින් සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රු. 10,000කින් ඉහළට; පෙබරවාරි සිට ක්‍රියාත්මකයි
2026 වර්ෂය සඳහා වන කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින්, නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල්වල ගුරුවරුන්ගේ මාසික දීමනාව රුපියල් 10,000කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ, පෙර පාසල් ගුරුවරයෙකුගේ නව මාසික දීමනාව රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත. මෙම වැටුප්
මත්ද්‍රව්‍ය ගන්නා රියදුරන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් – අමාත්‍ය බිමල් රත්නායක
මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමටත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීපව්‍යාප්තව සිදු කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක
ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් පත් කෙරේ; විපක්ෂයේ කල් දැමීමේ උත්සාහය පරදියි
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීම සඳහා වූ යෝජනාව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඇති වූ එකඟතාව මත අග්‍රාමාත්‍යවරිය විසින් මෙම නම් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදී. ඒ අනුව, නව සිවිල් සමාජ නියෝජිතයන් ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු
සජිත් – නාමල් එකතුවෙන් ආණ්ඩුවට එරෙහිව සතිපතා මඩ ප්‍රහාරයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් එක්ව වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. සතියකට එක් වරක් බැගින් මෙම විකෘති හෝ අවලාදාත්මක ප්‍රචාර මුදා හැරීම මොවුන්ගේ උපාය මාර්ගය වී ඇත. මෙම මෙහෙයුම සඳහා සජිත්
ආයෝජන මණ්ඩලයෙන් නව ඉලක්කයක්: වසරක් තුළ ඩොලර් බිලියන 1.5ක් ගෙන්වීමට සැලසුම්
2026 වර්ෂය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන (FDI) ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රකාශ කරයි. ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සිනොපැක් (Sinopec) තෙල් පිරිපහදුව, දත්ත මධ්‍යස්ථාන (Data Centers), කුළුබඩු සහ පුවක් සැකසීමේ ව්‍යාපෘති
බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස වැලිසර නව බන්ධනාගාරයක්
දිනෙන් දින ඉහළ යන බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත නව බන්ධනාගාරය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය තහවුරු කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට බන්ධනාගාර
වසර 07කට පසු IRONMAN ශ්‍රී ලංකාවට: රටවල් 45කින් ක්‍රීඩකයින් එයි
තුන් ප්‍රයාම ක්‍රීඩා (Triathlon) සඳහා ජනතාව දිරිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ අරමුණින්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ‘IRONMAN 70.3 Colombo’ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව අතර උපායමාර්ගික සහයෝගීතාවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය 21 වනදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය