“අභියෝග දෙකක් අපේ උර මත පැටවී තිබෙනවා”
ආණ්ඩු බලය අත්පත් කර ගැනීමත්, කඩා වැටී තිබෙන අපේ රට ගොඩනැඟීමත් යන අභියෝග දෙක ජාජබ උර මත පැටවී තිබෙන බවත් එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව අමතමින් පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ පනත්, මුදල් විශුද්ධිකරණ පනත්, පොදු දේපළ
අනුර යලි දිවයිනට
කැනඩාවේ අති සාර්ථක සංචාරයක් නිම කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (27) රාත්‍රියේ යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ. කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අමතමින් සංවාදශීලි සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් අනතුරුව ඔහු යළි දිවයිනට පැමිණ සිටී. මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් හමුවී පවත්වන ලද සාර්ථක
මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය තවත් දේශපාලන කුමන්ත්‍රණයක් විය හැකියි – නීතිඥ උපුල් අබේවික්‍රම
මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය තවත් දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැකයක් මතුවන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ උපුල් අබේවික්‍රම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් ජාතික ජන
සාක්ෂි සැඟවීම, අපරාධකරුවන් සැඟවීම වරදක් – නීතිඥ උපුල් කුමරප්පෙරුම
ගෝටාබයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්‍රබල පණිවිඩයක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥ සංවිධායනයේ, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත්
මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ ශෝකය
පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ. අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,
සිරිසේනගේ ප්‍රකාශය සාහසිකයි නීතිය ක්‍රියාත්මක කරන්න – විජිත හේරත්
මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන
පාස්කු ප්‍රහාරයට : අනිවාර්යයෙන් යුක්තිය ඉටු කරනවා – අනුර
මාලිමාවේ පාලන බලයක් යටතේ අනිවාර්ය ලෙසම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ යුක්තිය ඉටු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානාය අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී එරට වේලාවෙන් ඊයේ (23) පස්වරු 3.00ට පැවති ජන හමුව අමතමිණි. ඒ සඳහා ටොරොන්ටෝ හි ජාතික ජන බලවේගයේ සංවිධායක නිහාල් ප්‍රේමලාල්
පුත්තලමෙත් ගැහැනු එක මිටට මාලිමාවට එක්වෙයි
ජාතික ජන බලවේගය ලංකාව පුරා සිටින කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම සඳහා “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්‍රික් සමුළු අතරට පුත්තලම දිස්ත්‍රික්කයත් අති සාර්ථකත්වයක් එකතු කර තිබේ. අද (23) පෙරවරුවේ පවත්වන ලද එම සමුළුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රමුඛ කලාකාරිනියන් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් රැසක් එක්ව
ආණ්ඩුවේ බොරු ගැටවලට නීතියෙන් උත්තර
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා තිබීම බොරු උපක්‍රමයක් බවත්, දැනට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් කර තිබෙන බවත් නීතිවේදීන් පෙන්වා දී තිබේ. මේ ගැන අදහස් දක්වන නීතිඥවරුන් අතරින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යූ ටියබ් නාළිකාවකට හෙළි කර තිබෙන්නේ
අනුරට – කැනඩාවේ දෙමළ, මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක්
ලංකාවේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට රටේ අර්බුදකාරී තත්ත්වය පහදා දෙන ලෙස කැනඩාවාසී දෙමළ හා මුස්ලිම් ජනතාව තමාගෙන් ඉල්ලීමක් කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක පවසයි. රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව හා ඊට පිළියම් සෙවිය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව මෙම ජන කොට්ඨාසවලට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති