පොහොට්ටු හිතවාදී භික්ෂූන්ගේ පා ගමනට සජිත් ප්‍රේමදාසත් එක්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හිතවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සංවිධානය කරනු ලබන දේශපාලනික පා ගමනක නායකත්වය ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ. නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම පා ගමනට සහාය පළ කිරීම සඳහා විපක්ෂ නායකවරයා හදිසියේ
ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය අඩුවීමේ ලකුණු; 121 සිට 107 දක්වා ස්ථාන 14ක පිම්මක්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index – CPI) අනුව ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබේ. අලුතින් නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව, 2024 වසරේදී 121 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2025 වසර වන විට ස්ථාන 14කින් ඉදිරියට පැමිණ
මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වන බවට මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කිරීමක් සහ ජනතාව නොමග යැවීමක් බව කරුණු අනාවරණය වී ඇත. අදාළ
ජනපති අනුරගේ ඉල්ලීමට පාකිස්තාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්; ඉන්දු – පාකිස්තාන තරගය 15 දා කොළඹදී
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කරයි. ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ලබා
වසරකට ශ්‍රේණි දෙක බැගින් විෂය මාලා අලුත් වෙයි; 2029 තෙක් සැලැස්ම එළියට
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සෑම වසරකම ශ්‍රේණි දෙක බැගින් ආවරණය වන පරිදි පාසල් විෂය මාලා යාවත්කාලීන කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඉදිරි වසර 03ක කාලය තුළ අදියර වශයෙන් සෙසු ශ්‍රේණිවල ද මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ සහ මොහාන් පීරිස් අල්ලස් කොමිසමට කැඳවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් කැඳවා ඇති බව වාර්තා වේ. ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදාත්, හිටපු අගවිනිසුරු සහ නීතිපති මොහාන් පීරිස් ලබන 16 වැනිදාත්
මහජන දේපළ කොල්ලකෑ අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ නෑ; හොරු අල්ලද්දී විපක්ෂය බිය වී මාධ්‍ය සංදර්ශන පවත්වනවා
මහජන දේපළ කොල්ලකෑ කිසිදු අයෙකුට හෝ අපරාධකරුවෙකුට නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතබන බවත්, ඒ සියලු දෙනා නීතියේ රැහැනට හසුකර ගන්නා බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි. පසුගිය 06 වැනිදා පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සමුපකාරයෙන් බඩු ගන්නා පාරිභෝගිකයින්ට ලක්ෂ 03ක ජීවිත රක්ෂණයක් නොමිලේ
සමුපකාර අලෙවිසැල් මගින් මාසිකව රුපියල් 10,000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් ලක්ෂ 03ක ආවරණයක් සහිත ජීවිත රක්ෂණයක් නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයින් තෝරා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම ජීවිත රක්ෂණාවරණය
විමල් වීරවංශගෙන් සහ ස්වර්ණවාහිනියෙන් කෝටි 100 බැගින් වන්දි ඉල්ලයි; ඇමති නලින්දගෙන් එන්තරවාසියක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ එය විකාශය කළ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් කෝටි 100 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ. 2026 පෙබරවාරි 06 හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ