ම්පත් මනම්පේරි වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගැනේ..
සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබේ. ඒ, ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය. පොලීසිය පැවසුවේ, එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් 2ක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා
2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්
2022-2023 ආර්ථික අර්බුදය සහ එයින් ජනිත වූ සමාජ ඛේදවාචකය අහම්බයක් නොවන බවත්, යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට තම රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මම දේපළ ඉපැයූ හැටි කියන්න සූදානම් – ඇමති වසන්ත සමරසිංහ
තමා සිය දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ඕනෑම අවස්ථාවක හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. තමන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන්නේ එය කළ හැකි නිසා බවත්, ජනතාවගේ මුදල් සොරකම් කළේ “පෝලිමට හිරේ යන කට්ටිය” මිස තමන් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්
ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ නව ගබඩා ටැංකි හයක ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ආරම්භ
නතර වූ අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසකට යළි පණ දෙයි – රජයෙන් නව සැලැස්මක්
පසුගිය පාලන සමයන්හිදී කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දීමට සිදු වූ කිසිදු ආකාරයක කරදරයක් වත්මන් රජය යටතේ සිදු නොවන බවට වරාය, මහාමාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහතික විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා
අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති
රටට අවශ්‍ය වන්නේ වන්දනාමාන කරන දේශපාලකයන් නොව, දියුණු චින්තනයකින් යුතු දේශපාලන නායකත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළ
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපය තීරණයක් ගනී: සජබයට ගිය අයට යළි දොර විවරයි
සමගි ජන බලවේගය (සජබ) සමග එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගත් සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම වැදගත් තීරණයට එළඹ ඇත. මෙම
විදෙස්ගත ලාංකිකයන්‍ට එතෙර සිට ඡන්දය දීමේ වරම්
විදෙස්ගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් මැතිවරණ පනත යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නැහැ. එසේවුවද ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන
‘විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා’ – බලශක්ති ඇමති කියයි
රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන පිහිටුවා අවසන් යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස්
රියදුරු බලපත්‍ර අලුත් කිරීමටත් ’’ඔන්ලයින් ක්‍රමය’’
රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. රියදුරු බලපත්‍රය කල් ඉකුත් වූ විට අලුත් කර ගැනීමට වේරහැරට පැමිණීමට සිදුවන හෙයින් එය ජනතාව අපහසුතාවයට පත් කරවන්නක් බවද ඔහු ප්‍රකාශ කළේය. මාසයක් වැනි කෙටි කාලයකදී මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන බවද ඔහු කීවේය.