වසරේ වෙඩි තැබීම් 50ක්: මියගිය ගණන 30ක්
වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය. මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක්
තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ…
පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි. මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසන්නේ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි. මෙම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබ ඇති
ගැරඬිඇල්ල බිහිසුණු බස් අනතුරට හේතුව හෙළිවෙයි
නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබේ. පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ NC – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර
මෙරට මුහුදු සීමාවේ කල මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758ක් සොයා ගැනේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාවේ කල මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758ක් සොයා ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. ඒ අතරට හෙරොයින් කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් ඇතුළත් වේ. ඒවායෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 23ක් ඉක්මවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. බහුදින යාත්‍රා වැටලීම් වලින් විශාලතම
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු
දැවැන්ත පිම්මකට සූදානමක්
රාජ්‍ය සේවය අදූෂිත සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබා දි තිබෙන අතර එහි තවත් පියවරක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇත. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා 15,073ක් අලුතින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවයි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ පළමු
මර්වින්ට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා
සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
දුමින්ද යළිත් මැගසින් බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබේ. අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර රෝහලට යොමු කෙරුණි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේ දුමින්ද දිසානායක මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත
ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය ගැන ලංකාවේ අවධානය
ලෝකයේ විවිධ රටවල්වල පැතිර යමින් සිටින නව කොවිඩ් වෛරස වර්ගය ගැන දැනටමත් අවධානය යොමු කර සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියි. අද (27දා) කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට තුළ තවම භයකර තත්ත්වයක් උද්ගත වී නොමැති වුවද, ගුවන්තොටුපොළේ සිට එය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග