මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුව ලබන මස දක්වා කල් යයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුලින් රුපියල් මිලියන 39ක අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන්
අපරාධකරුවන්ට සමාවක් නෑ – 159 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති අවධාරණය කරයි
කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය බාධාවක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. “නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ ඊයේ (03) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
“කච්චතීව් අපේ” – ජනපති හදිසි චාරිකාවකින් ඉන්දියාවට පණිවිඩයක්
තමිල්නාඩු නළු සහ දේශපාලනඥ විජේ විසින් කච්චතීව් දූපත ඉන්දියාවට යළි පවරා ගත යුතු බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම විවාදාත්මක දූපතේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. යාපනයේ සුබසාධන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වී සිටි ජනාධිපතිවරයා, සිය සංචාරය අතරතුර
පොලිස් සේවය දැවැන්ත අභියෝගයක් මැද – 30,000ක හිඟය ගැන පොලිස්පති ජනපති ඉදිරියේ කියයි
“නීතිය සුරැකිමු – සාමය අගයමු” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොලීසියේ 159 වන සංවත්සරය සැමරීමේ ජාතික උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී
උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි
තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි. මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
රනිල්-සජිත් එක්වේ.. SJBට ගිය අයගේ UNP තහනම ඉවතට..
සැප්තැම්බර් 6 වන සෙනසුරාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ වාර්ෂික සම්මේලනයට විපක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යයි වාර්තා සන්ඩේ ටයිම්ස් කරයි. අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ පසුව ඇප මත නිදහස් වීමෙන් පසු රෝහල් ගතව සිට සිය නිවසට පැමිණි වික්‍රමසිංහ
රනිල්ගේ ජනාධිපති ලේකම් අද උදේම රහස් පොලිසියේ..
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරය සහ එම සංචාරය සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය. වික්‍රමසිංහ මහතාට වුල්වරැහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා
ඉන්ධන මිල සංශෝධනය වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති
ලංසා අල්ලයි
හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු
රතන හිමි රිමාන්ඩ්
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය