රාගම – බටුවත්ත වෙඩි තැබීමෙන් අයෙක් මරුට
රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (03) රාත්‍රියේ කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව රාගම පොලිසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ ගලේ මුල්ල සංජීවකයේ සමීපයකු වන ආමි උපුල් නම් පුද්ගලයෙකි. ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වැඩි තැබීම සිදුකර
එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට
බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා බඩඉරිඟු බීජ තොගයක් සිය හිතවතුන්ට බෙදාදුන් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම කළ විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා
IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන
යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත
මුල් මාස 5ට ලොක්කො 5කටයි, සොක්කෝ 14කුයි ඇතුලේ
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අධිකරණය හමුවේ පනවා තිබූ නඩු විභාග කර හිටපු ඇමතිවරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු වැරදිකරුවන් වී දඬුවම් නියම කර තිබේ. මෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මැයි 31 වෙනි දින දක්වා එම කොමිසමට පැමිණිලි 2,038ක් ලැබී ඇති බව ද වාර්තා වේ. විමර්ශනය
අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි
2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ
මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා
මිනිසුන්ගේ බදු මුදලට වග විය හැකි ක්‍රමයක් වෙනුවෙන් පාලනය මෙහෙයවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය. “නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වූයේ මූල්‍ය විනය පිරිහීමයි. ආර්ථික අර්බුදයේ කටුක නීරස ප්‍රතිඵල විඳීමට සිදුවූයේ අහිංසක ජනතාවටයි.මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමේ
ඩීසල් – පෙට්‍රල් – භූමිතෙල් මිල ඉහළට
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින්
නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය
රටක් නවීනත්වය කරා ගමන් කිරීමේදී, එහි පොදු ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තීරණාත්මක සාධකයකි. මෙම පසුබිම තුළ, ‘Dream Destination’ නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට රජය ගෙන ඇති පියවර, හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් පමණක් නොව, පුළුල් සමාජ-ආර්ථික පරිවර්තනයක් ඉලක්ක කරගත් දැක්මක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ. අපරාධකරුවන් විසින් මෙවැනි