ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
රුමේනියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය ඕනා ටොයිඋ (Oana Toiu) අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සහ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඊයේ (02) රුමේනියාවේදී පැවැත්විණි. 1957 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ බව සිහිපත් කළ අමාත්‍යවරුන්, එළඹෙන වසරේදී ඊට වසර
ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ එම කලාපයේ සේවය කරන ලක්ෂ 10කට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට
බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව නිවාස තුළ ඉන්ධන තොග රැස් කර තබා ගැනීම නීති විරෝධී මෙන්ම අතිශය අවදානම් ක්‍රියාවක් බවත්, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා අවධාරණය කරයි. අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව යුරෝපා සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ඉතාලියේ රෝම නුවරදී විශේෂ ජන හමුවක් පැවැත්විණි. ජාතික ජන බලවේගයේ රෝම විධායක සභාව විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි. වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳව
2025 දී අල්ලස් දැලට හසුවූ 214 දෙනා අතර දේශපාලනඥයින් 15ක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2025 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් සහ පැමිණිලි විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 214 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිෂන් සභාව නිකුත් කළ 2025 ප්‍රගති වාර්තාව මගින් මේ බව අනාවරණය වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු අමාත්‍යවරුන්
දිට්වා’ ව්‍යසනයේදී ඩොලර් මිලියන 454ක් දුන් ඉන්දියාවට අගමැතිනියගෙන් ස්තූතිය
ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන මෙම අවස්ථාවේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට පැමිණෙන ඉන්දීය ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය
නාමල්ගේ බිරිඳ කරළියට; සජිත් ප්‍රේමදාසට අලුත් දේශපාලන අභියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලන්ඩන් සංචාරයෙන් අනතුරුව ඔහුගේ බිරිඳ මුල්කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වී ඇති පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළ, අනාගත දේශපාලන සැලසුමක කොටසක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල පොහොට්ටු හිතවාදී ශිෂ්‍ය පිරිසක් විසින් සංවිධානය කර තිබූ හමුවීම් සාර්ථක කර ගැනීමට නොහැකි වන බව කල්තියා
හිමිකම’ වැඩසටහනෙන් ඉඩම් අයිතිය ජනතාවට; නව ආර්ථිකයට ගැළපෙන්න ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරනවා – ජනාධිපති
රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවට මෙන්ම පුරවැසියාගේ ආරක්ෂාවට ද ඉතා වැදගත් වන අතර, විධිමත් අධ්‍යයනයකින් පසුව යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි නිදහස් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද (27) පස්වරුවේ අනුරාධපුර, කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස්
2028 සිට ණය ගෙවන්න අපි සූදානම්; ආර්ථික වර්ධනය 5% පනී
2022 වසරේ සිට ගෙවීම අත්හිටුවා ඇති දේශීය හා විදේශීය ණය වාරික සහ පොලී මුදල් 2028 වසරේ සිට නැවත ගෙවීම ආරම්භ කළ යුතු වුවත්, කිසිදු බාධාවකින් තොරව ඒවා පියවීම සඳහා මේ වන විට ශක්තිමත් මූල්‍ය අඩිතාලමක් සකසා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි. පසුගියදා මාධ්‍ය
“සහරාන් ගැන රනිල්ට කිව්වා” – සුරේෂ් සලේගෙන් කොමිසමට ප්‍රකාශයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ එකිනෙකා සම්බන්ධයෙන් තීරණාත්මක සහ රහසිගත ප්‍රකාශ ලබා දී ඇති බව අනාවරණය වේ. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සහරාන් හෂීම්ගේ අන්තවාදී කල්ලිය සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු, තමන්