2024 ජනාධිපතිවරණ සටනේ සිටින අපේක්ෂකයින් 38 දෙනා අතර අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, ‘පුළුවන් ශ්‍රී ලංකා’ ලෙස ය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, ‘සැමට ජයක්’ ලෙස ය.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත.

මේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශන අධ්‍යයනය කර, ඒවා පිළිබඳව ප්‍රධාන මාතෘකා 8ක් ඔස්සේ පාඨක ඔබ වෙත බීබීසී සිංහල ගෙන එන සංක්ෂිප්ත වාර්තාවකි.

මෙහි එක් එක් අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් නොවන බව සලකන්න.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිත ය.

අධ්‍යාපනය

ආර්ථිකය

මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව

මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

රාජ්‍ය සේවය

විදේශ ප්‍රතිපත්තිය

විදේශ විනිමය

සෞඛ්‍යය

(BBC සිංහල)