සමගි ජන කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා ලෙස කටයුතු කළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ දිනවල දැඩි නිහඬතාවයක පසුවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ කුතුහලයකට හේතු වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක නියෝජිතවරියක ලෙස කටයුතු කළ හිරුනිකා සජිත් ප්‍රේමදාස පරාජයට පත්වන බව තහවුරු වූ පසු හඬා වැටෙමින් ඉවත්වී ගිය බව වාර්තා විය. ඉන් පසුව මේ දක්වා ම, ප්‍රසිද්ධ දේශපාලන ක්රියාකාරීත්වයක ඇය නොසිටියාය.
මේ අතර, දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා බාර දීමට පිටත් කර හැරි ආකාරයටම අවසන් මොහොතේ හෝ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ද සජිත් පිලේ අපේක්ෂිකාවක ලෙස නාම යෝජනාවලට ඇතුලත් කරනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වේ.