රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ පවසනවා. ඒ LTTE සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ එම කණ්ඩායම් හතර බවයි ඔහු කියන්නේ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මහතා සමගි ජන බලවේගය අතහැර යාමට සුදානම් වන බවට වන ආරංචි මාර්ග සම්බන්ධ ඔහු සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා එලෙස පක්ෂය හැර යන්නේ නම් එය ඔහුගේ පවුලට බලපාන යම් හේතුවක් නිසාවෙන් සිදුවිය හැකි බවයි.