මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා ගිය බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ සැප්තැම්බර 21 වෙනිදා පැවැත්වෙන මරට මීළඟ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බවයි.
“සැප්තැම්බර් 21 වැනිදා අපි රටක් විදිහට, පක්ෂයක් විදිහට, මේ රටේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු තබන ජනතාව විදිහට ජනාධිපතිවරණයට මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බව අපට විශ්වාසයි. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා මේ රටේ පොදු ජනතාවගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීම ජයග්‍රහණයකින් අවසන් වෙන ඉදිරිපත් කිරීමක්. ඒ ජයග්‍රහණය පුරවැසියන්ගේ අපේක්ෂාව වී තිබෙන පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව උදා කිරීමක් වෙනවා.
අපි දන්නවා පසුගිය අරගලය තුළත් ඉදිරියෙන්ම සිටි ගැහැනු බව. ඒ ගැහැනු ඒ අරගලයේ දී විශේෂ කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම මාලිමාව වටා එක්කවුණු ගැහැනුන් ‘ගැහැනු අපි එක මිටට’ කියන තේමා පාඨයෙන් විශාල දේශපාලනික සංවිධානය වීමක් සහ පිබිදීමක් ඇති වී තිබෙනවා. රට පුරාම ගැහැනුන් නායකත්වය ගැනීම සඳහා පෙරට එමින් සිටිනවා. සැප්තැම්බර් 21 ඓතිහාසික තීන්දුවත් සමඟ අපේ සහෝදරියන් සමඟ මේ රටේ ගැහැනුන් නායකත්වය ගැනීමට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි. සහෝදරියන්, ගැහැනුන් තමන්ට අවශ්‍ය නායකත්වය ලබාගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශාල කාර්යභාරයක් සිදුකරන බව අපිට විශ්වාසයි. නිසැකවම මේ රටේ ගැහැනුන් මේ රටට අනුර සහෝදරයාගේ ජයග්‍රහණය ලබාදෙනවා.
මාලිමාව වටා එකතු වුණු, මාලිමාව විසින් සංවිධානය කෙරුණු ගැහැනු අපේ ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. එදාට මේ රටේ ගැහැනුන් බලවේගයක් විදිහට අනුර සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකට සිට ගන්නා අයුරු දකින්න පුළුවන් වෙයි” යයි ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරනවා.