මෙරට දේශපාලන සංවාද අතර දැඩි කතාබහට ලක්වී ඇති සංවාද මාලාවක් වන සිරස සටන වැඩසටහනට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි නොවන බවත් ඔහුගේ එම තීරණයට හේතු වී ඇත්තේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ දැඩි බලපෑම බවත් වාර්තා වෙයි.


සටන දේශපාලන සංවාදනය වැඩසටහනට දින කිහිපයකට පෙර එනම් 14 වන සෙනසුරාදා දින ජාතික ජන බලවේගයෙන් නායක අනුර දිසානායක සහභාගි වූ අතර එම වැඩසටහනට විශාල ප්‍රතිචාර හිමිවිය.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස දේශපාලනයට අවතීර්ණ වූ මොහොතේ සිට ඔහු වෙනුවෙන් සිය ගුවන් කාලය වෙන් කළ නාලිකාවක් ලෙස සිරස මාධ්‍ය ජාලය ප්‍රකට වන අතර ,එහෙත් මේ වනවිට සජිත් ප්‍රේමදාස හිරු මාධ්‍ය ජාලයේ බලපෑමට හසු වී එයින් ගැලවීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ.


මේ අතර ඔහු සහභාගීවන පටිගත කරන ලද ” සලකුණ” වැඩසටහනක් අද (16) හිරු නාලිකාවේ ප්‍රචාරය කිරීමට නියමිත අතර එහි සංස්කරණ කටයුතු සියල්ල සිදුකෙරෙන්නේ සජිත් ප්‍රේමදාස ගේ හිතවතා වන ලක්ෂ්මන් ෆොන්සේකා ඉදිරිපිට ඔහුගේ අනුමැතියට අනුව බව බව ද වාර්තාවේ.