මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා උපක්‍රමශීලීව සමාජ මාධ්‍යය යොදා ගනිමින් සිදු කරමින් සිටී.


මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දී ඇත්තේ තමන් දරුවා සමග සිටින පවුලේ වීඩියෝ සහ ඡායාරූප හැකි තරම් සමාජ මාධ්‍ය තුළ පළ කරන ලෙසය.
ඒ හරහා අනුකම්පාව සහ දයාව ගොනු කර ගැනීම උදෙසාත් ඒ තුළින් සංවේදී ජනකොටස්වල චන්දය ලබා ගැනීම උදෙසාත් හැකියාව පවතිනු ඇතැයි ඔහුගේ මිතුරන් සජිත් ප්‍රේමදාසට උපදෙස් දී තිබේ.


ඒ අනුව මේ වන විටත් සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් තුළ සජිත් ප්‍රේමදාස බිරිඳ සහ දියණියගේ වීඩියෝ සහ ඡායාරූප පලවන්නට පටන්ගෙන තිබේ.