අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර තම ප්‍රතිපත්ති පිළිබඳව සජීවී සංවාදයට නිශ්චිත දිනයක් යොදා ගැනීම සඳහා ජාතික ජන බලවේගයෙන් ලබාදී තිබෙන කාලය අවසානය කරා ලඟා වෙමින් තිබේ.

අද (15) සිට තව ඉතිරිව තිබෙන්නේ දින 5ක් පමණි. අදාළ සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස යෝජනා කරන ඕනෑම දිනයක තමන් යොදාගෙන ඇති ඕනෑම වැඩක් අවලංගු කර පැමිණීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු දිනයක් නියම කර මැයි 20 වෙනිදාට පෙර දන්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විවෘතව ප්‍රකාශ කර තිබිණි.

විවිධ දේශපාලන විචාරකයන් මත පල කරන්නේ සජිත් කිසිසේත් විවාදයට සහභාගී නොවන බවත් ඒ, එසේ සහභාගී වුවහොත් තම පක්ෂ ප්‍රතිපත්ති (සජබ) හා එජාප ප්‍රතිපතිතීන් අතර කිසිදු වෙනස්කමක් නොමැති බව පාක්ෂිකයන්ට වැටහී ඔහු හුදෙක් නිවටයෙක් බවට පත්වන බවයි.

තවද සමහරෙක් සජිත් ප්‍රේමදාස විවාදයට සහභාගී නොවීම ඔහුගේ දේශපාලන ජීවිකාවේ මළගම බවට පත්වීමට නියමිත බවටත් මත පළකරයි. මත්දයත් ඔහු වරෙක ජනාධිපතිකමෙන් පලා ගියාසේම (ගෝඨාභය ජනාධිපතිධූර හැරගිය අවස්ථාවේ) මෙවර විවාදයෙන් පළායන හෙයින්, සෑමදෙයින් පළායන අපෘෂ්ඨ වංශිකයෙක් ලෙස අන්වර්ථ නාමයක් පට බැදෙන නිසාවෙනි.