මේ වනවිට සජිත් ප්‍රේමදාස සමඟ එක්වී සිටින පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු 12 දෙනෙකු සමඟ නැවත වරක් ගිවිසුමකින් බැඳීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ පිළිබඳව ලංකාදීප පුවත්පතට හෙළිකර ඇත. පොහොට්ටු පක්ෂයෙන් ඉවත්වී සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ මන්ත්‍රීවරු පිරිසක් වරින් වර විවිධ ගිවිසුම් අත්සන් කරමින් මාධ්‍ය සන්දර්ශන කිහිපයක් සිදු කරනු ලැබීය.
ජූලි 02 සහ 03 දිනවල හදිසියේ රැස් කරන පාර්ලිමේන්තුවට විදේශ ද්විපාර්ශවික ණය ආපසු ගෙවීම කල් දමා ගැනීම පිළිබඳව ගිවිසුම් ඉදිරිපත් කර විවාදයක් පැවැත්වීමට නියමිත ය. එම විවාදය අවසානයේ ඡන්ද විමසීමක් කිරීමට රනිල් වික්‍රමසිංහ පාර්ශවය සැලසුම් කර තිබෙන අතර එහිදී සජිත් ප්‍රේමදාස සමඟ දැනටමත් සිටින මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග දියත් කර තිබේ. එහි එක් මෙහෙයුමක් බවට මෙම ගිවිසුම් අත්සන් කිරීම යොදා ගෙන තිබේ.