ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යලි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන සඳහන් කරනවා. හ.
“ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා. හැබැයි විහාර දේවාලගම් පනතේ අල්ප මාත්‍රයක් මේ වෙනතුරු සංශෝධනය කරලා නැහැ.
මේ රට පෘතුගීසිකාරයා යටත් කරගන්න පෙර තිබුණු විදිහට නිර්මාණය කරලා දීපන් කියල අපි කිව්වේ සජිත් ප්‍රේමදාසට. ඊට පස්සේ ඔහු පිළිගත්තා අපිට අපේ රටේ තිබුණු නීතියයි අවශ්‍ය කියලා.
අද අපිට පුළුවන්ද සුද්ද ගැසට් කරලා තියෙන අවුරුදු එකසිය ගාණක් තියෙන පුරාවිද්‍යා නීතියට අනුව කොඩියක් දාන්න. ලෙනක බුදු පිළිමයක් තියන්න පුළුවන්ද. අපේ තන්තිරිමලේ නායක හාමුදුරුවෝ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් තියනවා තන්තිරිමලේ. ඒ වටේට රන්වැටක් දැම්මා කියල පුරාවිද්‍යා එකෙන් නඩු දාලා. කෝ බෞද්ධකම මේ රටේ. මේ රට පාලනය කළ බෞද්ධ නායකයෝ මේක සංශෝධනය කළාද. සුද්දා යන කොට යතුරු දාලා ඉබ්බො දාලා යතුර අරන් ගිහින්. ඇරගන්න යතුර නැහැ” යි උන්වාන්සේ පවසනවා.