සමඟි ජන සන්ධානයේ ප්‍රබලයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා ගෙන ගිය කූට ක්‍රියාමාර්ගයක් හෙළි වී තිබේ.

‘ලංකාදීප’ වෙබ් අඩවිය ඒ බව මුලින්ම හෙළි කර තිබුණේ, ‘ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්’ යනුවෙනි. දැනට හෙළි වී තිබෙන තොරතුරු අනුව මල්වතු මහනාහිමි එවැනි ඉල්ලීමක් සිදු කර නොමැත. එය වංචනික ලෙස සකස් කරන ලද ලිපියක් බවට හෙළි වී ඇත.

ලක්‍ෂ්මන් කිරිඇල්ල පසුගිය පාර්ලිමේන්තු වාරය දක්වාම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, විවිධ පක්‍ෂවල මන්ත්‍රී ධුර දැරී ය. මෙවර ඔහුගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ල හට එම අවස්ථාව ලබා දී සක්‍රිය දේශපාලනයෙන් ඉවත් වන බව මුලින් ප්‍රකාශ කර තිබිණි. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඔහුගේ දියණිය සහ අනුරාධ ජයරත්න
පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඉන් පසුව ඔහු කුමන්ත්‍රණකාරී ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට මේ ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබේ.