සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමඟි ජන සන්ධානයේ අභ්‍යන්තර ගැටීම් නොනවතින රැල්ලක් සේ ඉදිරියට යමින් පවතින බව තහවුරු වී තිබේ.
මෙම නවතම තොරතුරු හෙළි වී තිබෙන්නේ එම පක්ෂයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙනි. විශේෂයෙන් ඩලස් අලහප්පෙරුම සහ සුජීව සේනසිංහ යන දෙදෙනා දිස්ත්‍රික් තරගකාරී ලැයිස්තුවට ඇතුළත් නොකර ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
දිස්ත්‍රික්කවලින් තරග කරන පිරිස එම විරෝධය එල්ල කර ඇති අතර, පොහොට්ටු පක්ෂයේ සිට පැමිණි ඩලස් අලහප්පෙරුම ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම දැඩි විවේචනයකට ලක් වී තිබේ. එමෙන්ම පසුගිය 2020 මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වීමට අසමත් වූ සුජීව සේනසිංහ ද ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එවැනි ම විරෝධයක් එල්ල කර තිබේ.
එම විරෝධතාවල මූලික පදනම වී තිබෙන්නේ ආසන සහ දිස්ත්‍රික් මට්ටමින් විශාල කැප කිරීමක් සිදු කර ලබා ගන්නා ඡන්දවලින් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට එක් වීමේ හැකියාව ලබා දීම සම්බන්ධයෙනි.