රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින අතර ම, සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස තව දුරටත් සිටිමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇත. රනිල් පිලේ සමන් රත්නප්‍රිය මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබේ.
එහෙත්, වජිර අබේවර්ධන සහ මනූෂ නානයක්කාර ප්රමුඛ පිරිසක් තව දුරටත් සජිත් ප්‍රේමදාසට එරෙහිව ක්‍රියා කරමින් සිටී. ඔවුන්ගේ මූලිකම තර්කය වී තිබෙන්නේ ඡන්ද ලක්ෂ දෙක හමාරකට වැටී තිබූ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 23කට ආසන්න මට්ටමකට ගෙන යාම රනිල් වික්‍රමසිංහ සිදු කර ඇති බවයි. එමෙන් ම සජිත් ප්‍රේමදාස 2019 ජනාධිපතිවරණයෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වූ ලක්ෂ 55, ලබා ගැනීමට හෝ මෙවර අසමත් වී ඇති බවට ද තර්ක කර ඇත. එවැනි පුද්ගලයෙකු සමඟ ඉදිරි දේශපාල ජයග්‍රහණ ලබා ගත නොහැකි බව ඔවුන්ගේ තර්කය වී තිබේ.