මේ තියෙන්නෙ මගේ පැහැදිලි කිරීම.

ඔය වම් පැත්තේ තියෙන්නේ අපි මනෝවිද්‍යාවට ඉගෙනගත්තු “මෂ්ලෝගේ අවශ්‍යතා පිරමීඩය”.
වටහාගැනීමේ පහසුව සඳහා එහි ද්විමාන ස්වරූපය (2-D projection) ත්‍රිකෝණයක් ලෙස දක්වමු.

දකුණු පැත්තේ තියෙන්නේ මම වම් පැත්තේ පිරමීඩයේ එක් එක් ස්ථරයට (Layer) ගලපන්නට (mapping) උත්සාහ කරන සමාජයේ ස්ථර.
(කොච්චර “සමාජවාදී” වෙන්න උත්සාහ කළත් ප්‍රායෝගික ලෝකයේ එහෙම ඒවා තියෙනවා.)

පහළම එකෙන් පටන් ගනිමු (අංක 1.)

අවශ්‍යතා: මූලික අවශ්‍යතා, එනම් ආහාර, හිසට සෙවනක්, ආශ්වාසයට පිරිසිදු වාතය වගේ ඒවා.
ඒ කියන්නෙ නොමැරී ජීවත් වෙන්න ඕන අවම පහසුකම් (basic needs).

දකුණු පැත්තේ පිරමීඩය (Layer-1) ගත්තොත් මේකෙ තමයි අන්ත දිළිඳු ජනතාව ජීවත් වෙන්නෙ.
ඒ කියන්නෙ මෙයාලගෙ ප්‍රමුඛතම අවශ්‍යතාවය වෙන්නෙ “එදා වේල”.

සජිත් මහත්තයා ඇතුළු සම්ප්‍රදායික දේසපාලකයින් ඉව අල්ලන්නේ (ඉලක්ක කරන්නේ) මෙන්න මේ (සහ ඊට immediately උඩින් තියෙන.) ස්ථරයට.

මොවුන්ට කවුරුහරි නොමිළේ කන්න, බොන්න, නිවාස දෙනවා කිවුවොත් ඊට වඩා “දෙයියෙක්” නැහැ.

කොටින්ම එයාලට.
එහෙම දෙන සහනාධාරයට අවශ්‍ය මුදල් ලැබෙන මූලාශ්‍රය (source), ඒ කියන්නේ සල්ලි අච්චු ගහලාද, ණයට අරගෙනද, රටේ දේපළ විකුණලාද, වෘත්තිකයන්ගෙන් අධික බදු අරගෙනද කියා අදාල නෑ.

ඔය ඊතලයකින් දක්වලා තියෙන්නේ ඒ ස්ථරය වෙන්කෙරෙන සීමාව නොහොත් “දරිද්‍රතා රේඛාව.” (ත්‍රිමාණ අවකාශයේදී මෙය 2-D plane එකක් වෙනවා.)

ඒ කියන්නේ ඔය රේඛාව ඉහළ-පහළ යන (ඇත්තටම කිවුවොත් යවන.) විදිය අනුව ඒ ස්ථරයේ ජනගහනය තීරණය වෙනවා.
එය එම ත්‍රිකෝණයේ ඊට පහළින් ඇති වර්ගඵලයට සමානුපාතික වෙනවා. (පිරමීඩයේදී නම් පරිමාව.)

ඒ කියන්නේ ඇත්තතම ඔය කියලා තියෙන්නේ අවම ජීවන වියදම.
එය ඉහළ ගියොත්,
උදා. දැන් තියෙන 16,619 නොහොත් “A” මට්ටමෙන් රු. 20,000 – එනම් “B” මට්ටමට විස්ථාපනය වුණොත්, ඒ සමාජ ස්ථරයේ ජනගහනය ප්‍රමාණාත්මකව ඉහල යනවා.

පහුගිය කාලයේ ඉහළ ගිය ජීවන වියදමත් එක්ක වුනේ ඕක.

ඒක එහෙම වෙන එක සම්ප්‍රදායික දේශපාලකයින්ට වාසියි.

මොකද එයාලට “අවම අවශ්‍යතා” සපුරලාදීලා, පහසුවෙන්ම ඡන්දය ඩැහැගන්න පුළුවන්. එතනින් එහාට “ඔයාට කොයින්ද මේවට සල්ලි..?” වගේ පණ්ඩිත ප්‍රශ්න එයාලගෙ පාර්ශවයෙන් නැගෙන්නේ නැහැ.

අවුල තියෙන්නේ, මේ ස්ථරය මෙහෙමම තියාගන්න, (හැකිනම් එහි ඝනකම තවත් වැඩිවෙනවනම් තවත් සතුටුයි.) මෙයාල කැමතියි.
ඒ කියන්නේ මේක shrink වෙනකොට පාලකයාට පාඩුයි.
ඒක නිසා, මේක shrink කරන්න අවංක උත්සාහයක් ගනියි කියලා හිතන්න අමාරුයි.

දුප්පත්කම හිඟන්නගෙ තුවාලෙ වගේ හැමදාමත් මේ රටේ, මේ දක්වා නඩත්තු වුණේ එහෙමයි….!

උපුටා ගැනීම…
Dr.suneth pathirana
මුහුනුපොතෙනි…