ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහට සහය දැක්වීම පිණිස පන්විල ප්රදේශයේ පැවති හමුවකට මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මැදිහත්වී තිබෙනවා. හෝටලක පැවැත් වූ ජනහමුවක දී පැමිණි පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව අදාළ ස්ථානයට ගිය මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පිළියෙල කර තිබූ ආහාර තොගයක් පන්විල පොලිසියට භාර දී තිබෙන බවයි කියන්නේ.
මෙම රැස්වීමට රනිල් වික්රමසිංහ මහතාට සහය දීමට එක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්රි වේලූ කුමාර් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ හෝටලයේ 150 ක පමණ පිරිසක් රැස්ව සිට ඇති අතර ඔවුන් වෙනුවෙන් පිළියෙල කර තිබූ සියලු ආහාර මැතිවරණ නිලධාරීන් ගේ භාරයට ගැනීමෙන් පසු ඔවුන් ඒවා පොලිසියට භාර දුන් බවයි කියන්නේ.
ජනපතිවරණ ප්රචාරණ රැස්වීම් වල දී පැමිණෙන පිරිස්වලට ආහාර හා මත්පැන් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් බැවින් මෙවැනි දේ සම්බන්ධව තොරතුරු වාර්තා වුවහොත් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙස මහනුවර මැතිවරණ කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.