සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙමින් තගතා අතුකෝරල කළ කතාව අනුව තවත් බහුතර පිරිසක් රනිල් වික්රසමිංහ සමඟ එක්විය යුතු බවට දැඩි මතවාදයක් ගෙන යමින් සිටින බව අනාවරණය වේ.
එහෙත්, සජිත් ප්‍රේමදාස සහ ඔහු සමීපයේ සිටින කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් පළ කර නැති බව වාර්තා වේ. ඇති වෙමින් තිබෙන මෙම නව ප්රවනතාවට මුහුණ දීම සඳහා තම සමීපතමයින් අලුතින් හඳුනා ගැනීමට සජිත් ප්‍රේමදාස ක්‍රියාකරමින් සිටී. මෙම සතිය තුළ දෙපිරිස අතර සංවාදය තවත් තීව්ර වනු ඇති බවට කරුණු පෙළ ගැසී ඇත.
රනිල් සහ සජිත් පිල දෙක එක් කිරීමට දිගින් දිගටම අකුල් හෙළුවහොත් සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂටත් වඩා පහතට ඇද වැටෙනු ඇති බව එම පිල අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ද හට ගෙන ඇති බව වාර්තා වේ. නමුත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ වනවිට ජනාධිපතිවරණයේ අපේක්ෂත්වය ලබා ඇති මේ දෙදෙනා අතර කඳවුරු බෙදීම තිව්ර ඇති ආකාරය අනුව එවැනි එක්වීමක් කළ හොත් එය ජාතික ජන බලවේගයට අති විශාල වාසියක් සිදුවනු ඇති බව ය.