ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතාවට පොරොන්දු ලබා දෙනවා මෙන් ම, තමන් වතුර වීදුරුවක් හෝ ජනතාවගේ බදු මුදලින් ලබා නොගන්නා බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන අතර ඔහුගේ මව නඩත්තු කිරීමේ වියදම් මහජනතාව මත පටවා තිබේ.

පසුගිය ඉරිදා කැප්පෙටිපොලදී පැවත්වූ රැලියක දී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ “මම පඩි නඩි දීමනා ගන්නේ නෑ. මම වතුර උගුරක්වත් ගන්නේ නෑ. මම කෑම එකක්වත් ගන්නේ නෑ. රටේ ජනතාවගේ බදු මුදලින්.“ යනුවෙනි.

එහෙත් මෙම වසර වෙනුවෙන් ඔහුගේ මව නඩත්තු කිරීම සඳහා මහජන බදු මුදල් රුපියල් 6,820.000ක් වෙන් කර ඇත. විශ්‍රාම වැටුප් ලෙස රුපියල් 780,000ක් ද, වෙනත් පහසුකම් වෙනුවෙන් රුපියල් 1,040,000ක් සහ වාහන වෙනුවෙන් රුපියල් 5,000,000ක් වශයෙන් මුදල් වෙන් කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හේමා ප්‍රේමදාස වැන්දඹු බිරිඳ වෙනුවෙන් කරනු ලබන නඩත්තු වියදම් මහජන මුදලින් දැරීම අවසන් කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇත.