සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ බව කියමින් තරුණ ව්‍යවසායකයෙකුට පහරදුන් නාවලපිටියේ ආසන සංවිධායක නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, බව්වාගම පදිංචි 41 හැවිරිදි අයෙකි.

සැකකරු නාවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිට ඇත.

එහිදී සැකකරු විසින් පැමිණිලි කරුගේ ව්‍යාපාරික ස්ථානය ගොස් මැතිවරණ ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහිදී පැමිණිලිකරු එය ප්‍රතික්ෂේප කර තිබේ. ඊට උරණ වූ සංවිධායක පැමිණිලි කරුට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පහර කෑමෙන් තුවාල ලැබූ පැමිණිලිකරු නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.