සමඟි ජන බල සන්ධානයේ මහා මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කිරීමටත් පෙර දෙදෙනකු මන්ත්‍රීවරුන් ලෙස ස්ථිර වශයෙන්ම තෝරා ගන්නා බව හෙළි වී තිබේ.

එම පක්‍ෂයේ ආධ්‍යාත්මික නායකයා සේ සැලැකෙන ලක්‍ෂ්මන් ෆොන්සේකාට පවතින සමීපතාව අනුව ඒ බවට අනුමාන කෙරේ. ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා ගන්නා ලද ටී. එම්. ඩිල්ෂාන් සහ ජනප්‍රිය නිළියක වන දමිතා අබේරත්න මේ ලෙස ස්ථිර වශයෙන්ම මන්ත්‍රීවරුන් වනු ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තරයේම සාකච්ඡාවක් ඇති වී තිබේ.

දමිතා අබේරත්න පෙරමුණටම ගැනීම සිදු කරනු ලබන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉවත් කිරීම සඳහා ය. එමෙන්ම කළුතර
දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අජිත් පී. පෙරේරා ඉවත් කිරීමට ටී. එම්. ඩිල්ෂාන් යොදවා ගන්නා බව හෙළි වි තිබේ.