සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම අවධාරණය කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නුවර දළදා පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් අසත්‍ය සහ විකෘති ප්‍රකාශයක් හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය පටලවා ගනිමින් නිර්මාණය කර තිස්ස අත්තනායක විසින් මහජන රැලිවලදී බෙදා හරිමින් සිටී. මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ 2015 ජනාධිපතිවරණය ආසන්නයේ දී කූඨ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක කොළඹ මහාධිකරණයේ දී සමාව ගත් බව ය.
මෛත්‍රිපාල සිරිසේන සමඟ සෙල්ලම් කළ ආකාරයට ජාතික ජන බලවේගය සමඟ කටයුතු කළ නොහැකි බව ද, ඉදිරි පැය කිහිපය තුළ දී තිස්ස අත්තනායකගේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත යුතු බව ද අවධාරණය කළේ ය.