කොරෝනා කෝවිඩ්, පාස්කු ප්‍රහාරය, බංකොලොත්භාවය, කාබනික හා නැනෝ පොහොර වංචාව නිසා ගොවියා අගතියට පත් වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ. ගොවියා නැවත සවිබල ගැන්වීමට කළුකඩ වෙළඳුන්ගේ ග්‍රහණයට ලක් නොවී කිලෝ 50 පොහොර මිටිය රු 5000ට ලබා දෙන බවයි ඔහු කියන්නේ. කෘමිනාශක, වල්නාශක දරාගත හැකි මිලකට ලබා දෙන බවත් QR කෝඩ් එකක් හරහා ගොවියාට, ධීවරයාට, ත්‍රිරෝද රථ හා පාසල් බස් රථ රියදුරන්ට, ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙන බව ඔහු සඳහන් කරනවා.
“මෙරට ඇති වී මෝල් මාෆියාව ගොවියාව යටපත් කර ගෙන. සැප්තැම්බර් 21 සමගි ජන බලවේග රජයක් යටතේ සහල් මෝල් මාෆියාව යටපත් කර ගොවිජනතාව රජ කරවනවා. දුකෙන් පෙළෙන ගොවි ජනතාව මුහුණ දෙන වගා ණය ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දී වගා ණය කප්පාදු කරනවා. විපක්ෂයේ සිට සමගි ජන බලවේගය හුස්ම සහ සක්වල වැඩසටහන් ක්‍රියාත්මක කර රටට බිලියනයක අගයක් එකතු කළා වගේ අපි මේ කටයුතු සිදු කරනවා.
කෝටි ප්රකෝටිපතියන්ගේ, ගජමිතුරන්ගේ කෝටි ගණන්, බිලියන ගණන් ණය කපා හරින්න පුළුවන් වුවත් ගොවියාගේ ණය කපා හරින්න නොහැකි වෙලා. ගොවියා සෑම භෝගයක්ම වගා කරන විට ආණ්ඩුව ඒවා ආනයනය කරන්න හදනවා. එම නිසා මේ ගොවි නිෂ්පාදන ආරක්ෂා කර සාධාරණ සහතික මිලක් අලෙවි මිලක් ලබා දෙනවා. වත්මන් රජයත් විකල්ප දේශපාලන බලවේගත් ගොවි ජනතාව රටට බරක් ලෙස හිතනවා.
අපනයනය කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ගොවියා යොමු කර ඩිජිටල් ක්‍රමවේද සුහුරු ක්‍රමවේද හදුන්වා දෙනවා. ගොවියා වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකම් සම්භාරය ඉටු කරලා මහපොළොවේ සත්‍යයක් බවට පත් කරනවා” යි සජබ නායක හජිත් ප්‍රේමදාස පවසනවා.