සමඟි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන තිදෙනා ඉවත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ.

මේ අතර, ආචාර්ය හර්ෂ ද සිල්වාට ඊයේ (24දා) සෘජුවම එම පක්‍ෂයේ විරෝධය එල්ල කර ඇත. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ මූලිකයන් තිදෙනා වන මේ සියලු දෙනාට ද දැඩි විරෝධයක් පවතින බව හෙළි වේ.

මහා මැතිවරණයට නාමයෝජනා දීමට පෙර ඔවුන් ඉවත්ව නොගියහොත්, නාමයෝජනා පවා ලබා නොදීමේ තත්ත්වයක් මේ වන විටත් උද්ගත වී ඇති බවට වාර්තා වේ.