සමගි ජන බල වේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද(12)දින කොළඹ දිසා අධිකරණය මගිනුයි.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමිනුයි එම වාරණය නිකුත් කළේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා ගොනු කළ එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබුණා.
එහිදී අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය විත්තිකාර රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබන 26 වෙනි දින අධිකරණය කරුණු දක්වන ලෙසටද නියෝග කර තිබෙනවා.