සමගි ජන බල සන්ධානය අභ්‍යන්තරයේ මතුවී ඇති නායකත්වයට එරෙහි අරගලය කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකි බවට ඇතැම් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති.

එසේ අනාවැකි පළ කිරීමට මූලික පදනම වී තිබෙන්නේ මෙයට දින දෙකකට පෙර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවත්වන ලද මාධ්‍ය හමුව මෙන් ම, දමිතා අබේරත්න ඉදිරිපත් කර තිබෙන කොන්දේසි කිහිපය වේ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් නව අභ්‍යන්තර ගැටුමකට හේතු වී ඇති බව වාර්තා වේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අවනත පවා මෙහෙයවා ගත නොහැකි කල්ලියක් සියල්ල මෙහෙයවන බව එම ප්‍රකාශයෙන් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.