සමඟි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබී තිබූ අතර, එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර ඔහු විසින්ම ඔහුගේ නම එක් මන්ත්‍රී ධුරයක් සඳහා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරවාගෙන තිබේ.
ඉතිරිව තිබෙන මන්ත්‍රී ධුර හතර වෙනුවෙන් ප්‍රබලයන් පස්දෙනකු අතරේ ගැටීමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ඉමිටියාස් බාකීර් මාකාර්, මනෝ ගනේෂන්, ජී. ඇල්. පීරිස්, සුජීව සේනසිංහ සහ ඩලස් අලහප්පෙරුම එම පස්දෙනා අතර සිටිති.
සමඟි ජන බලවේගයට නායකත්වය දුන් සජිත් ප්‍රේමදාස මේ වන විටත් දැඩි නිහඬතාවක ගිලී සිටින අතර, ඔහුගේ සමීපතමයකු වන ලක්‍ෂ්මන් ෆොන්සේකා කිනම් මොහොතක හෝ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතර වෙනුවෙන් පුද්ගලයන් නිර්දේශ කරනු ඇති බව වාර්තා වේ.