මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර බාරදීමට තව දිනක් පමණ ඉතිරිව තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර ගැටීම් පුපුරා ගොස් ඇති බව වාර්තාවේ.

එම දිස්ත්‍රික්කයේ නායකයා ලෙස පත්කර සිටින සුජීව සේනසිංහට එරෙහිව තිස්ස අත්තනායක ප‍්‍රමුඛ පිරිසක් දැඩි විරෝධය පළ කර ඇත. සුජීව සේනසිංහ මෙයට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ සිටි අතර, මෙයට වසර ගණනාවකට පෙර ජල ගැල්මට ලක්වූ ජනතාවට ඔහුගේ මනාප අංකය සටහන් කරන ලද කෙසෙල් ගෙඩි බෙදාදී තිබිණි. එමෙන්ම මහ බැංකු බැඳුම්කර කොල්ලයක් සිදු නොවූ බවට පොතක්ද ලියනු ලැබීය.

මේ අතර සමගි ජන බල සංධානයේ දිස්ත්‍රික් නායකයා ලෙස මැතිවරණ කටයුතු මෙහෙයවන තිස්ස අත්තනායකට එරෙහිව සුජීව සේනසිංහද වෙනම විරෝධතාවක් දැක්වීමට කටයුතු කරමින් සිටින බව ”අද” වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සුජීව සේනසිංහ ජාතික ලැයිස්තුවට නම් කිරීමට නියමිත බවය.