සමගි ජන බල සන්ධානය ආරම්භ කිරීම සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය සාර්ථක කර ගැනීමට දායක වීම සම්බන්ධයෙන් කාන්තාවන් නොසලකා හැර තෝරා ගත් 5 දෙනෙකු පමණක් සජිත් ප්‍රේමදාසගේ විශේෂ ස්තුතියට ලක් වී ඇති බව වාර්තා වේ.

එහි දී කාන්තාවන්ගේ කැපවීම නොසලකා හැර තිබීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වී ඇති බවත්, එය දැන ගත් වහාම සජිත් ප්‍රේමදාස ඔවුන් අස්වැසීමට කටයුතු කළ බවත් හෙළි වේ. මේ අතර උපුල් ජයසූරිය, සුජීව සේනසිංහ, ලක්ෂ්මන් ෆොන්සේකා, එස්. එම්. මරික්කාර් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන තෝරා ගත් 5 දෙනෙකු හට පමණක් සජිත් ප්‍රේමදාස පෞද්ගලිකව මැදිහත් වී ස්තුතිය පළ කර ඇත.