තමන් සජිත් ප්‍රේමදාසගේ ආර්යාව බව ප්‍රකාශ කර ගන්නා ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදාව ආචාර කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තුළ ම දැඩි හෙළා දැකීමක් හට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේදී ද මේ පිළිබඳව සාකච්ඡාවකට මුල පුරා ඇත. ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ එලෙස ගුවන් හමුදාවේ ආචාරය පිරිනැමීම සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් දැයි ප්‍රශ්න කර තිබේ. එමෙන් ම, ඒ ආකාරයට ආචාරයක් පිරිනැමීම සිදු කළ යුත්තේ ජාතික ගීය, ජාතික කොඩිය, රාජ්‍ය නායකයා විදේශ රාජ්‍ය නායකයෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමින් සහභාගී වන අවමගුල් සඳහා පමණකි.

මෙසේ තිබියදී ජලනි ප්‍රේමදාසට ආචාර කිරීම ගුවන් හමුදාවේ කීර්තිය සම්බන්ධයෙන් කළු පැල්ලමක් බවට අනෙකුත් ආරක්ෂක අංශ තුළ පවා සංවාදයකට මාතෘකාවක් වී ඇති බව වාර්තා වේ.