දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉදිරි මහමැතිවරණයට තරඟවදින්නේ නැහැ.

එසේම ඔහුගේ පක්ෂයේ කිසිවෙක් මහමැතිවරණයට තරගවැදීමට අපේක්ෂා නොකරන අතර සර්ව ජන බලය සන්ධානයට සහය දීමක් සිදු නොකරන බව ද සඳහන්.