ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ පත් කර තිබේ.
ඔහු ඊයේ (03) වැඩ භාරගෙන ඇත.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී ඇති අතර 2015 වර්ෂයේදී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරයට පත් විය.
අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ ඔහු පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් යුද අධ්‍යාපනය හා ආරක්ෂක කළමණාකරණය පිළිබඳ උපාධියද, මධුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යාපනය පිළිබඳ දර්ශනශූරි උපාධියද හිමිකර ගෙන තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති, හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ වීරවික්රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙකුද වේ.