මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් සඳහන් කරනවා. සංවර්ධනය හා දියුණුව ලෙස සමගි ජන බලවේගය අදහස් කරන්නේ ලක්ෂ 220ක් ජනතාවගේ සංවර්ධනය බවයි ඔහු කියන්නේ.
“දියුණුව ලෙස ඉලක්කම් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නැහැ. එය සෑම පුරවැසියකුටම දැනිය යුතුයි. ඒ සුබසාධන ප්‍රතිලාභය බුක්ති විඳිය යුතුයි. දුෂිත චෞර දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතුයි.
දැන් වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නවා. මම ජනාධිපති වූ පසු අනීතිකව පගාවට අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරනවා. දේශපාලන අල්ලස්වලට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නීතිය හමුවේ උත්තර බැදීමට සිදුවන නිසා වැරදි දේ නොකර රට ගැන සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
යම් අයකු දේශපාලන ගමනක් යා යුත්තේ දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් නිසා බවත් සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සමඟ එකතු වූ සියලු දෙනා එකතු වුයේ මුදලට පගාවට අල්ලසට නොව ප්‍රතිපත්තිගරුකව යි. මේ දුෂිත චෞර දේශපාලනයට, මේ අධම සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතුයි” බව සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.