සමගි ජන බල සන්ධානය සඳහා රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් අවසන් මොහොතේදී කපා හරින ලද දමිතා අබේරත්න එම පක්ෂයේ නායකයන් දෙදෙනා ම සම්බන්ධයෙන් අභියෝගාත්මක හෙළිදරව්වක් කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (10) රාත්‍රිය වනතුරුත් තමන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවේ ඇති බව සඳහන් කළ ද, අවසන් මොහොතේ එය කපා හැරීමෙන් පසුව දුරකතන ඇමතුමට හෝ ප්‍රතිචාර නොදක්වන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව, තමන් පක්ෂය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ද, පක්ෂය තමන් කපා දමා ඇති බවත් නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.