සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය ඈඳා ගනිමින් විවාදයක් පැවැත්වීම පිළිබඳව ගෙන යන ප්‍රචාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමයක් බවට ප්‍රබල සැකයක් මතුවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් මත පළ කරති.

මෙසේ මත පළ කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ඉතා නුදුරේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත “ආර්ථික පරිවර්තන පනත“ යනුවෙන් හෝ ඒ ආසන්න නාමයකින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා ජාතික ජන බලවේගයේ සැලසුම් ලබා ගැනීම බව හෙළි වී තිබේ.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් සකස් කරමින් තිබෙන සැලසුම් සහ ආර්ථික උපායමාර්ග කල් වේලා ඇතිව නිරාවරණය කර ගෙන ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ ආර්ථික පනත ගොඩ නැගීමට සූදානමක් තිබූ බව හෙළි වේ.

මේ වනවිටත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ දැමූ බවට රනිල් වික්‍රමසිංහ සහ ඔහු වෙනුවෙන් ප්‍රචාරක කටයුතු දියත් කර තිබෙන පිරිස් පළ කරන මත ජනතාව අතර පිළිගැනීමක් ලැබී නැත. මේ තත්වය තුළ ජාතික ජන බලවේගයේ සැලසුම් සහ ආර්ථික උපායමාර්ග හෙළිකර ගැනීම සඳහා රනිල් හිතවාදී සජිත් පිලේ මන්ත්‍රීන් යොදවා ගෙන ඇති බව ඔවුන් වෙත සංවර්ධන ව්‍යාපෘති සඳහා බව කියමින් විශාල මුදලක් ලබා දීමෙන් තහවුරු වී තිබේ.