වැටුප් වැඩි කිරීමට කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළත්, ඊට අදාළ ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඒ පාදුක්කේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

“දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා කියනවා. අපි ඒ කැබිට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා, නමුත් තීරණය ක්‍රියාත්මක කිරීමට කරන්නට ඕනේ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද කියන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ කාලයක් තුළ දුන්න බොරු පොරොන්දුවක්”යැයි අගමැතිවරිය කියා සිටියා.