හිටපු ජනාධිපති රනිල් වීක්‍රමසිංහ ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජබ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අද (30) දෙමටගොඩ දී පැවති ජන හමුවක එක්වෙමින්.

IMF නව ගිවිසුම හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු සඳහන් කරණවා. මේ වන විට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් සජබ නායකයා සඳහන් කරණවා. පාර්ලිමේන්තුවේ බහුතරයෙන් මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ හැකි විය යුතු බවත් සජබ නායක සජිත් ප්‍රේමදාස කියා සිටිනවා.