පොහොට්ටු පක්ෂයට අලුතින් හඳුන්වා දුන් ජාතික කැඳවුම්කාර ධුරය දරණ රෝහිත අබේගුණවර්ධන නාමල් රාජපක්ෂගේ ගුරුවරයෙකු වී ඇති බව වාර්තා වේ.

පසුගිය බදාදා රැස්වූ එම පක්ෂයේ විධායක සභාවේදී රෝහිත අබේගුණවර්ධන නාමල් රාජපක්ෂට න්‍යායාත්මක දේශපාලන පාඩම් ඉගැන්වීම ආරම්භ කර ඇත. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට “අපේ පක්ෂයෙන් හදපු ආණ්ඩුව අස්ථාවර වුණත් ආණ්ඩුව අස්ථාවරත්වය හමුවේත් අපේ පක්ෂය ස්ථාවරයි.“ යනුවෙන් නාමල් රාජපක්ෂට පෙන්වා දී තිබේ.

මේ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ 69 ලක්ෂයේ ජන වරමට අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ උත්සාහයක සියළුම දෙනා යෙදී සිටින බව ය. එහෙත් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන පිරිස කිහිප දෙනෙකුට සීමාවී ඇති බව ද ප්‍රකාශ කර තිබේ.

තවද නාමල්ගේ න්‍යායාචාර්යවරයා වශයෙන්, එරන්ද ගිනිගේද වැඩකටයුතු කරන බවද ඔහු විසින්ද 69 ලක්ශයේ උරුමය වෙනුවෙන් විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සෙ අරගලකරුවන්ට හා ජවිපේ ඇතුලු පාර්ශව කිහිපයකට දරුණු විවේචන ඉදිරිපත් කරමින් රාජපක්ශ කුමාරයා ජනපති කිරීමට සූදානම් වන බවද කනින් කොනින් ආ‍රංචි වේ.