ජාතික ජන බලවේගය රට ගොඩනගන ආකාරය සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ මැතිවරණයක් කැඳවූ පසු බව එම පක්‍ෂය ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ජාතික විද්වත් සංවිධානය හා ජාජබ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් මේවන විටත් එය සකස් කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

දැනට ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ එක බවද පැවසූ ඔහු අද තත්වය මත යම් වෙනස්කම් සිදුවිය හැකි බවද පැවසීය.

නවතම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන තෙක් 2019 ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලධර්ම පිළිගත හැකි බවද හෙතෙම කියා සිටියි.

දෙරණ නාලිකාව පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.