කතානායක අශෝක රංවල ට විරුද්ධව මේ දිනවල චෝදනා එල්ල කරන පිරිස් පිළිබඳව සමබිම පක්ෂය ලෙස අප ඉතා විමසිල්ලෙන් සිටින්නෙමු. ඊයේ දින අශෝක රංවල ගේ ආචාර්ය උපාධිය පිළිබඳව පිරිසක් C.I.D. ය වෙත පැමිණිල්ලක් ද ගොනු කලේ ය.
මෙලෙස C.I.D. ය වෙත ගිය පිරිස් අප බලාපොරොත්තු වූවේ ශුද්ධ වන්තයින් වෙන්නට ඇති බවයි. එහෙත් මේ පිරිස් එක එක්කෙනා පිළිබඳව පරික්ෂා කරන විට අපේ බලාපොරොත්තු සුන් කරමින් C.I.D. ට ගොස් ඇත්තේ අශුද්ධ තක්කඩියන් බව අපට පෙනී ගියේ ය.
ඉන් එක් අයෙක් වන්නේ සිය මළගෙදරක දී වතුර සොරකම් කල අයෙකි. ඔහු තමන්ගේ මළගෙදරක අවස්ථාවේදී මළගෙදර සඳහා වතුර අවශ්‍යතාවය සපුරා ගැනීමට ගෙදර තිබූ වතුර ටැංකිය අවට නිවෙස් වල වතුර ටැප් මහ රෑ හොර රහසේ භාවිතා කොට පුරවාගෙන ඇත. මේ බව එම නිවෙස් වල නිවැසියන් දැනගන්නා විට අදාල පුද්ගලයා වතුර ටැංකිය මුලින්මනින්ම පුරවාගෙන හමාරය.
දැන් මෙම පුද්ගලයා විපක්ෂයේ සියලුම උද්ඝෝෂණ සඳහාද සහභාගී වෙයි.
මෙම පුද්ගලයා C.I.D. වෙත යන්නේද යම් දේශපාලනඥයෙකුගේ අනුදැනුම මත බව පෙනී යයි. අප අසන්නේ මෙලෙස අශුද්ධ වන්තයෙකු වෙනුවෙන් විපක්ෂ දේශපාලනඥයන් වග කියන්නේද? යන්නයි.
එසේම මෙම උණුසුම තුළම රංවලගේ උපාධිය පිළිබඳව දිගින් දිගටම කතා කරන Asian mirror නැමැති youtube නාලිකාවේ හිමිකාරීත්වය දරන්නේ කවුරුන්ද යන වග සමාජයට හෙළි කරන ලෙස එහි සාමාජිකයන්ට අප දැනුම් දෙන්නෙමු. එම නාලිකාවේ සිටින කාන්තා පාර්ශ්වය දෙස බැලූ කල පෙනී යන්නේ ඔවුන් සියලු දෙනාම එකම පිරිමි මනසකට අනුකූලව තෝරාගෙන ඇති බවයි. එසේම ඔවුන් කතාකරන දේවල් පිළිබඳව අප පුදුමයට පත්වන අතර ඔවුන් සිය හිමිකාරීත්වය කා සතු ද යන්න වග කිසිදු විටක හෙළි කරන්නේ නැත. එයින් වහාම එම නාලිකාවේ හිමිකාරීත්වය කා සතු දැයි සමාජයටට හෙළි කරන්න.
එසේම රංවලගේ ආචාර උපාධිය පිළිබඳව මේ වන විට සුරතාන්තයට පත් වී සිටින තරිඳු උඩුවරගෙදර ගෙන් අප අසන්නේ රේඛා ට සිදු වූයේ කුමක්ද?යන්නයි. රන්වලගේ ආචාර උපාධිය පිළිබඳව කතා කරන ආකාරයටම රේඛා පිළිබඳවත් කතා කරන්න.
මේ ආකාරයට සමාජ අසාධාරණයට එරෙහිව උද්ඝෝෂණය කරන සියලු ශුද්ධවන්තයින්ගේ හඳහන් අප සතුව ඇත. අපට අනුව මොවුන් කිසිවෙකු ශුද්ධවන්තයින් නොවන අතර අමුම අමු පාපතරයින්ය.
අපට ලංකාවේ මිනිසුන් යහමගට ගැනීමට අවශ්‍ය නැත. අපද ඇතුළු සියලු දෙනාම ඉතා නරක මිනිසුන්ය. අප කියන්නේ නරක මිනිසුන් හොඳ මිනිසුන් ලෙස මවාපෑමට උත්සාහ නොකරන ලෙසයි. එලෙස හොඳ මිනිසුන් වීමට එන ඕනෑම අයෙකුගේ නිරුවත හෙළිකිරීමට අප පසුබටට නොවන්නෙමු.
ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික දැක්ම පිළිබඳව අප විසින් ඉදිරිපත් කරන ලද විවේචනය එදා මෙන්ම අද ද එලෙසම වලංගුය. එම විවේචනය අප කිසිදු අවස්ථාවක වෙනස් නොකරන්නෙමු.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අප මේ අවස්ථාවේදී පෙනී සිටින්නේ තට්ටු මාරු දේශපාලනය වෙනස් කිරීමට ගත් ආරම්භය දිගටම පවත්වාගෙන යා යුතු වන එවැනි. ඊට එරෙහිව පෙර පැවැති තක්කඩි ක්‍රමය ගෙන ඒමට යමෙක් කටයුතු කරන්නේ නම් නව දේශපාලනයක් වෙත යාමට කිසිවෙකුට අවකාශය ලැබෙන්නේ නැත. එසේ යමෙක් නැවත පැරණි තැනට සමාජය ගෙනයාමට උත්සාහ කරන්නේ නම් අප joker චිත්‍රපටියේ භූමිකාව රඟපෑමට පසුබට නොවන්නෙමු.
(උපුටා ගැනීම – Samabima Party ෆේස්බුක් පිටුවෙන් )