“අපිට, ඔබට, ඔබේ අම්මට, තාත්තට පළවෙනි වතාවට දිනන්න අවස්ථාවක් තිබෙනවා. ඇයි අපි ඒක කියන්නේ. දැන් මේ වෙද්දී කරුණු 04ක් අවධානයට ලක්වෙලා තියෙනවා. එකක් මේ මොහොතේ තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය. ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකම ඇදවැටිලා තියෙන්නේ. එය අවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. තුන්වෙනි එක තමා අපේ රටේ ජනතාව ඇත්ත පුරවැසියන් බවට පත්වෙලා තියෙනවා. අපේ තරුණයන් පුරවැසියන් බවට පත්වෙලා. හතරවන කරුණ සම්පූර්ණවෙලා තිබුනේ නෑ. ඒ තමා මහජන ව්‍යාපාරයක්. දැන් ඒක හැදිලා තියෙනවා. ඒ තමා මාලිමාව බවට පත්වෙලා තියෙන්නේ. ඒනිසා තර්ක කරන හිතන මතන තාරුණ්‍යයෙන් අප ඉල්ලන්නේ නිස්චිතව දැන් අපට කරුණු 04 සම්පූර්ණවෙලා තියෙනවා. ඒනිසා මේ මැච් එක අපට ගහන් පුළුවන්. දිනන්න පුළුවන් කම තියෙනවා. ඒනිසා දැන් අපි මේ වැඩේ කරන්න ඕනෑ.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 17 වනදා මාතරදි “YOUTH අපි SET එකම FIT එකේ මාලිමාවට – නව නිදහස් සටනේ SMART තාරුණ්‍යයේ පෙළගැස්ම…” යන තේමාවෙන් පැවති ජාතික ජන බලවේගයේ තරුණ රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් තරුණ රැලිය ඇමතූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර,

“අද NPP YOUTH එකේ පළමු ආරම්භය සනිටුහන් කරන නිසා මම මගේ පැත්තෙන් හිතුවා ප්‍රධාන වශයෙන් කරුණු 5ක් එක්ක ඔබත් එක්ක මතුකර ගන්න ඕන කියලා. ඔබ දන්නවා අපේ රට පුංචි රටක්. හැබැයි අපේ රට මහ නිධානයක් තිබෙන රටක්. මම ඒ නිධානයක් තියෙනවා කියල කියන්නේ ස්වාභාවිකත්වය නිසාම නොවේ. අපේ රටේ මිනිසුන්ගේ ශක්තිය ඊට වඩා බලවත් කියන එක නිසා. හැබැයි ඔබ දන්නවා අවුරුදු ගාණක් ඇතුළේ ඔබේ අම්මව, ඔබේ තාත්තව, ඒවගේම තරුණ අපිව මේ පුංචි දිවයින ඇතුළේ ඉතාමත් දුෂ්කර භූමියක අපි හැමෝම හිර කරල තියෙනවා. ඒ හිර කරල තියෙන භූමියේ එහා පැත්තේ දැවැන්ත තාප්පයක් ඉදිකරල තියෙනවා. ඒ තාප්පෙන් එහා ඉන්නේ අවුරුදු 76ක් අපිව පාලනය කරපු පාලකයන්. ඒවගේම ඉතාම අතළොස්සක් වන ජාවාරම් කල්ලියත් ඒ පැත්තේ ඉන්නවා. ඒක සරුසාර බිමක් එහා පැත්තේ තියෙන්නේ. හැබැයි ඔබට අපට අම්ම, තාත්තට හැමදාම සිහින මැව්වා. අපට හිතන්න කියලා බල කළා. ඒ එහා පැත්තෙ තියෙන සුන්දර භූමියට යන්න අපි හැමෝටම කිවුවා. තනියෙන් ට්‍රයි කරන්න කියලා. අපේ අම්මා, අපේ තාත්තා, අපේ අයියා, අපේ අක්ක අපි තනි තනියෙන් ඒකට ට්‍රයි කළා. හැබැයි මොකද වුණේ. කීපදෙනෙක් එහා පැත්තට පැන්න මිසක් වැඩි පිරිසකට එකෙන් එහා පැත්තට යන්න හම්බ වුනේ නැහැ. ඒ විනාශය තමයි අපට අත්පත්කර දී තිබෙන්නේ. මේක ලේසි පුංචි කාලයක් නොවෙයි. අවුරුදු 76ක්. අවුරුදු 76ක් ඒ ගොල්ල අපිට ඉගැන්නුවා සාමූහිකව ට්‍රයිකරන්න එපා. එකට එකතුවෙලා දිනන්න යන්න එපා. ඔයාල තනි තනියෙන් ට්‍රයිකරන්න කියලා තමා අපිට ඉගැන්නුවේ. හැබැයි මොකද වුණේ. ඔබ දන්නවා අවුරුදු ගාණක් එහා පැත්තේ භූමියේ හිටපු අපිට අපේ රටේ පාලකයෝ අපේ දුප්පත්කම කිසිම අවුලක් නැතිව අලෙවි කළා. අපේ අසරණකම, අපේ දුබලකම අලෙවි කළා. ඒක නිසා තමයි අපිට ඇවිල්ල කිවුවේ මම ආවොත් බ්‍රේස්ලට් දෙන්නම් කියලා. අපි ආවොත් ජොබ් එක දෙන්නම් කියලා. ෆ්‍රී වයි ෆයි දෙන්නම් කියල අපට කිවුවේ. ඒ වගේ තමයි තෙමෙන්නේ නැතිව යන්න කාර් දෙන්නම් කියල කිවුවේ.

හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ. අවුරුදු 76කට පස්සේ අපේ රටේ ජනතාව පුරවැසියන් බවට පත්වෙලා තියෙනවා. ඒක නිසා දැන් අපේ පුරවැසියන් උත්සාහ කරමින් ඉන්නවා ලෑස්තිවෙමින් ඉන්නවා අපි හැමෝම එකට එකතුවෙලා එක වෙලාවක මේ තියෙන දැවැන්ත තාප්පය අපි පෙරළා දාන්න. ඒක නිසා දැන් ඒ තාප්පය පෙරළා දැමීම වෙනුවෙන් අපේ රටේ විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, ආගමික නායකයන් දැන් තාප්පේ අසලට ඇවිත් ඉන්නවා. ඒවගේම අපේ මේ තාප්පය පෙරළීම සඳහා ගොවියන්, ධීවරයන්, ගැහැනුන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඒ කවුරු එනකම්ද බලා ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ රටේ තාරුණ්‍යයේ ජවය තාප්පයට අත තියනකම් බලාගෙන ඉන්නවා. ඒ ආරම්භය තමයි මාතර දිස්ත්‍රික්කයෙන් මේ ඔබ ඓතිහාසිකව සනිටුහන් කර තියෙන්නේ. තව වැඩි කාලයක් නැහැ. අනිවාර්යෙන්ම රනිල්ලගේ රාජපක්ෂලගේ සජිත්ලගේ සාදය හමාරයි. ඒ සලකුණ තමයි මේ අද මාතර දිස්ත්‍රිකයෙන් තරුණ තරුණියන් ඔබ පෙළගස්වමින් ඉන්නේ. ඒක අපිට ඓතිහාසික කරුණක්.

ඒ වගේම ඔබට මං තව යමක් කිවයුතුයි. හඳුන්නෙත්ති සහෝදරයා කිවුවා අපි දන්නවා අපේ ව්‍යාපාරය හැමදාම අභියෝග භාරගන්නා ව්‍යාපාරයක්. අපි අභියෝග ගැන හිතලා පස්සට යන ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි ඒ අභියෝග බාරගන්නවා වගේම අභියෝග සාර්ථක කර ගන්න අපිට යම් ස්ථානයක් තෝරා ගන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි මාතර දිස්ත්‍රික්කය ඇතුළේ මේ තරුණයන්ගේ ආරම්භය රටට පණිවිඩය දෙන්න ඕන කියල තෝරා ගත්ත දිස්ත්‍රික්කය තමා මාතර. ඒ ඇයි? ඔබ දන්නවා සාමාන්‍යයෙන් ලංකාව ඇතුළේ අපි මේ පසුගිය දවස් ටිකේම අපේ මේ ආදරණීය සහෝදරවරු සහෝදරියෝ ඒ වගේම ඔබත් අපි හැමෝමත් ගම්දනව් පුරා අපි හැමෝම තරුණයන් හමුවෙන්න ගියා.

හැබැයි බහුතරයක් තරුණ තරුණියන් ඇතුළේ තිබූ ඛේදවාචකය ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු බිඳවැටීම කොයිතරම් අපට සනිටුහන් කරල තියෙනවාද? ඔබ දන්නවා අපේ රටේ ගිය අවුරුද්දේ විතරක් 9,10,582ක් පාස්පෝට් එක හදල තියෙනවා. ඉන් මාතර දිස්ත්‍රික්කයේ 39,301ක් පාස්පෝට් හදල තියෙනවා. හැබැයි රට ගිහින් තිබෙන්නේ 1,40,885යි. මෙතන ඉන්න තරුණයෝ ඒ පාස්පෝට් පොලිමේ දවස් දෙකක් තුනක් පාස්පෝට් එකක් හදාගන්න දුක් විදින තැනට අපේ රටේ පාලකයෝ විසින් පත්කරලා තියෙනවා. හැබැයි අපට පාස්පෝට් පෝලිමේ ඉන්න ඒ සෙනග අපිට එයාපෝට් එකේදී දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තමා අපට තියෙන ඛේදවාචකය. මේ රට ගිය ප්‍රමාණයෙනුත් 60%කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත පුහුණුවක් නැතිව ගිය පිරිසක්. ඒ වගේම මින් සියයට 76කට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන්නේ මැදපෙරදිග. යුරෝපය ගත්තොත් 7%ක වගේ ප්‍රමාණයක්. එසේ තිබියෙදී තමා මම දැක්කෙ ඊයේ සජබේ හර්ෂණ මහත්තය කියනවා, ඒගොල්ලො සමීක්ෂණයක් කළාලු. ඒ අනුව 80%කට වැඩි ප්‍රමාණයක් ඉන්නවලු රට අතහැරල කැලිෆෝර්නියාවට යන්න. ඒ නිසා දැන් අපි රට යන්න නොවෙයි, ලංකාව ඇතුළේ කැලිෆෝර්නියාව හදනවා කියලා සජිත් එක්ක හර්ෂණ කියනවා. හැබැයි අපි අහන්න ඕන සජිත්ගෙන්, මේ රටේ මාතර දිස්ත්‍රික්කයෙ පාස්පෝට් එකේ දවස් දෙකක් දුක්විඳින හීන පස්සේ පන්නන්න සැලැස්වූයේ කවුද. අපේ රටේ සජිත්ලා ඒවායේ ඇමතිකම් දැරුවේ නැද්ද? ඒවායේ කැබිනට් ඇමතිලා වෙලා හිටියේ නැද්ද? එහෙම තිබියෙදී දැන් කියනවා සජිත් ඒකක දැන් අපේ රට කැලිපෝනියාව බවට පත්කරන්න යනවා කියලා. මොන විහිළුද? එවැනි රැවටිලිවල කාලය අවසන් කියලා තමයි ඒ ඉන්න පුතාලට අපි පැහැදිලිව පෙන්නුම් කරල තියෙන්නේ.

පසුගිය දවස් ටික ඇතුළේ අපි මේ නායකත්වය දෙන සහෝදර සහෝදරියන් මැදිහත්වෙලා මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හමුවෙන්න ගියා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වේදිකාව ඇතුළේ ඔබ බලන්න කවුද නායක නායිකාවන් බවට පත්වුණේ. ඔබේ ගමේ නගරයේ ඔබේ ආසන්න ස්ථානයේ ඉන්න තරුණ තරුණියන් අද නායකයන් බවට පත්වෙලා තියෙනවා. වෙන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට අද එවැනි තීරණයක් ගන්න බැහැ. ඇයි ඒ? ඒගොල්ලො හැමදාම නායකයො ලෙස සිතුවේ ඒගොල්ලන්ගේ දුවල පුතාලා අයියල මල්ලිල අක්කල නැත්නම් ඥාතීන්. හැබැයි ජාතික ජන බලවේගය තමා පළවෙනි වතාවට මේ රටේ නව තාරුණ්‍යය නායක නායිකාවන් බවට පත්කරන්න පුළුවන් කියල තීරණය කළේ. එන්පීපී යූත් එක ඇතුළේ අද මාතර දිස්ත්‍රික්කයේ නායකයෝ ලෙස පත්වෙලා තියෙන්නේ ඔවුන්. මේකෙ වගකීම ගත්තේ ඔවුන්. ඒ විතරක් නොවෙයි මාතර දිස්ත්‍රික්කයට ආවට පස්සේ මේ අභියෝගය ගම්මු කියල කතාකර ගත්තට පස්සේ එක රෑනට එක පොකුරට මේ ආදරණීය සහෝදර සහෝදරියෝත් ඒවාගේම මෙතන දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියෝත් සියළු දෙනාම මාස ගණනාවක් පුරා මේ අභියෝගය සනිටුහන් කිරීම සඳහා දැවැන්ත මැදිහත්වීමක් කළා. අද මොකද වෙලා තියෙන්නේ. අද මාතර දිස්ත්‍රික්කයේ මේ උද්‍යානය ඇතුලෙත් මාතර නගරය පුරාත් රනිල්ලටත් රාජපක්ෂලාටත් ඒවාගේම පුතාණෝලාටත් ඇඟ හිරිවැටෙන්න තරුණයන්ගේ බලය මොකක්ද කියන එක පෙන්වන්න සමත් වුනා. එනිසා මේ ආරම්භය ඓතිහාසිකයි. රනිල්ලට රාජපක්ෂලාට කොපිකරන පුතාණෝට ඔක්කොටම අපි කියනවා, දැන්නම් මොන ජගතෙකුටවත් මේ තාරුණ්‍යයේ නැගිටීම නම් නතරකරන්න හම්බවෙන්නේ නැහැ.

ඒ වගේම අද තවත් ඓතිහාසික දවසක්. ඔබ දන්නවා අද මාර්තු මාසේ 17වෙනිදා. ඔබට මතකද? මීට අවුරුදු 02ට පෙර 2022 මාර්තු මාසේ 18 වෙනිදා. මෙතන සහෝදරවරු කීපදෙනෙක් හිටියා; ඔබත් ඉන්න ඇති. මාර්තු මාසේ 18දා සමාජවාදී තරුණ සංගමයත් ඒවගේම අපේ රටේ ප්‍රගතිශීලී තරුණ තරුණියොත් පළවෙනි වතාවට ගෝඨාභයගේ රැස්වළලු කඩල ඒ ජනාධිපති ලේකම් කාර්යාලය වටළල පළවෙනි වතාවට අපි අපේ රටේ තරුණ පරම්පරාව විදියට ගෝඨාභායට කිව්ව ඔයා මේ යන ගමන වෙනස් කරන්න කියලා. එහෙම නැත්නම් අපේ රටේ තරුණ පරම්පරාව ඔයා යන ගමන වෙනස් කරනව කියලා. හැබැයි මොකද වුනේ. එහෙම කියලා මාස 04යි. ගෝඨාභය ගෙදර යවන්න අපේ රටේ තරුණ පරම්පරාව සමත් වුනා. ඒ මීට අවුරුදු 02ට පෙර. මාර්තු මාසේ 18දා. අද කවද්ද? අද 2024 මාර්තු මාසේ 17දා. අද මේ වේදිකාවේ ඉඳන් විශේෂයෙන් NPP YOUTH එක විදිහට ඒවාගේම මාලිමාවේ තරුණ බලය විදිහට අපි කියනවා රනිල්ටයි රාජපක්ෂලාටයි සිහින මවමින් ඉන්න පුතාණෝටයි කොට්ට පැදුරු අකුල ගන්න කියලා. NPP තරුණයන් පෙළ ගැහිල ඉන්නේ තව මාස 07කින්. නිසැක ලෙස ඔබගේ ගමන අවසන් කර ජනතාවාදී පාලනයක් ගොඩනගන්න මේ තරුණ බලය පෙළ ගැසෙනවා කියලා. ගෝඨා දැන් පොතක් ලියල තියෙනවා. ඒක විකට කථා පොතක්. දැන් මේ වේදිකාවේ සිට කියනවා ජාතික ජන බලවේගයේ ඉන්න තරුණයෝ ලෙස රනිල්ටත් දැන් කොල ටික ලෑස්තිකරගෙන ඉන්න කියලා. ඔයාටත් තව මාස 07ක් යද්දි පොතක් ලියන්න වෙනවා. මේ රටේ තරුණයෝ ඒ පොතට නම දායි.

ඔබ දන්නවා මීට අවුරුදු 02ට පෙර අපේ තරුණ පරම්පරාව නැගිට්ටා. මෑතකාලයේ අපේ රටේ ඇතිවූ විශාලතම තරුණ නැගිටීම. ලෝකයේ ගත්තමත් දැවැන්තම ජනතා නැගිටීම. හැබැයි ඒ ජනතා නැගිටීම අවසන් කරන්න වුනේ භාග ජයග්‍රහණයකින්. ඒවෙලාවේ මාතර දිස්ත්‍රික්කයේත් ලංකාවේත් විදේශගතව සිටි තරුණ තරුණියෝත් ගෙනාපු ප්‍රධාන සටන් පාඨ කීපයක් තිබුණා. ඒ තමා අපේ රටේ දූෂිතයින්ට දඬුවම් දෙන්න. දූෂිතයන්ගේ දේපළ අත්පත් කරගන්න. පවුල් පාලනය කෙළවර කරන්න. ජනතාවාදී පාලනයකට මේ රට ගෙනියන්න කියන එක. ඒ ඇහැ ඇරුණ තරුණ බලවේගයට ඒ පිබිදුණු තරුණ බලයට මැදිහත්වුණ ජනතාවාදී බලයට අපි මතක් කරන්න කැමතියි. මීට අවුරුදු 02ට පෙර ඔබ කැපවීම කළා. දේශපාලන වෙනසක් කරන්න අපට පුළුවන් වුනා. එය භාග ජයග්‍රහණයකින් අපට කෙළවර කරන්න වුනේ ඇයි? එය අපි හරියට කියව ගන්න ඕනෑ. මුළු රටේම තරුණ පරපුර නැගිට්ටා. අම්ම තාත්ත අයිය අක්ක නැගිට්ටා. දැවැන්ත බලයක්. හැබැයි එය ජනතාවාදී ජයග්‍රහණයකින් කෙළවර කර ගන්න බැරි වුණා. හේතුව මොකක්ද? මධ්‍යගත කරන්න කේන්ද්‍රගත කරන්න ඒක මෙහෙයවන්න එතැනට ජනතා මධ්‍යස්ථානයක් තිබුණේ නෑ. ඒකතමා ඒවෙලාවේ තිබුණ අඩුව. දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් අපේ රටේ පළවෙනි වතාවට දැවැන්ත ජනතා මධ්‍යස්ථානයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ මාලිමාව ප්‍රමුඛ ජනතා ව්‍යාපාරය. ඒ අරගලයට මැදිහත්වුන තරුණ තරුණියන්ට ආරාධනා කරනවා දැන් එන්න. එකතුවන්න. ඒ ඡන්ද දායකයෝ ලෙස නොවෙයි. එහි වගකීම් බාරගන්න. නායකයන්, නායිකාවන් බවට පත්වෙමින් අනිවාර්යෙන්ම ඉදිරියේ නිර්මාණය වෙන ඒ ජනතාවාදී පාලනයේ තාරුණ්‍යයේ සලකුණ තියන්න කියල මම ඒ ආදරණීය තරුණ තරුණියන්ට ආරාධනය කරනවා. ඔබේ තැන ඔබේ ගෙදර ඔබේ හදවත දැන් මෙතන බවට පත්කර ගන්න.

එසේම අපේ වගකීම් ගැන මතක් කරන්න කැමැතියි. ජාතික ජන බලවේගයේ NPP YOUTH එක විදිහට අපේ වගකීම් මොකක්ද? අප මෙය හැමදාම කියනවා වගේම මේක අපි ගහන්න ඕනම මැච් එකක්. දිනන්න ඕන මැච් එකක්. එක නිසා මේක අපට වරද්ද ගන්න බෑ. අපට මිස්කර ගන්නත් බැහැ.

අපිට, ඔබට, ඔබේ අම්මට, තාත්තට පළවෙනි වතාවට දිනන්න අවස්ථාවක් තිබෙනවා. ඇයි අපි ඒක කියන්නේ. දැන් මේ වෙද්දී කරුණු 04ක් අවධානයට ලක්වෙලා තියෙනවා. එකක් මේ මොහොතේ තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය. ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකම ඇදවැටිලා තියෙන්නේ. එය අවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. තුන්වෙනි එක තමා අපේ රටේ ජනතාව ඇත්ත පුරවැසියන් බවට පත්වෙලා තියෙනවා. අපේ තරුණයන් පුරවැසියන් බවට පත්වෙලා. හතරවන කරුණ සම්පූර්ණවෙලා තිබුනේ නෑ. ඒ තමා මහජන ව්‍යාපාරයක්. දැන් ඒක හැදිලා තියෙනවා. ඒ තමා මාලිමාව බවට පත්වෙලා තියෙන්නේ. ඒනිසා තර්ක කරන හිතන මතන තාරුණ්‍යයෙන් අප ඉල්ලන්නේ නිස්චිතව දැන් අපට කරුණු 04 සම්පූර්ණවෙලා තියෙනවා. ඒනිසා මේ මැච් එක අපට ගහන් පුළුවන්. දිනන්න පුළුවන් කම තියෙනවා. ඒනිසා දැන් අපි මේ වැඩේ කරන්න ඕනෑ. ඔබේ අපේ භාෂාවෙන් කියනව නම් පිච්එක හොඳයි. අපේ අම්ම තාත්තට මේ රට වෙනස් කරන්න බැරිවුනා ඒක ඇත්ත. අපේ අම්ම තාත්තට මේක මෙතනින් එහාට ගෙනියන්න බැරිවුනා ඒක ඇත්ත. ඔවුන්ට මෙවැනි පිච්එකක් හමුවුනේ නෑ. ඒක නිසා ඔබට අපේ තරුණයන්ට පිච් එකක් හම්බවෙලා තියෙනවා. ඒක අපි අත අරින්න ඕනද? සහෝදරයා නංගී මල්ලි. කිසිදු අයිතියක් නෑ ඒක අපට අතඅරින්න. මේ හොඳම පිච්එකේ හොඳම බැට්ස්මන්ලා අරගෙන හොඳම බෝලස්ල අරගෙන හොඳම පීඩ්ලස්ලා අරගෙන නිසැක ලෙස මේ මැච්එකේ දශමෙක වැරැද්දක් තියන්නේ නැතිව නිසක ලෙස මේ මැච්එක අපි ගහනවා සහතිකයි. ඒනිසා රනිල්ලටත් රාජපක්ෂලාටත් හීන දකිමින් ඉන්න කොපිකරන පුතාණෝටත් අපි ඔක්කොටම කියනවා මැච්එක අපේ, දිනන්නේ අපි. තරුණ පරම්පරාව එයට මැදිහත්වෙන්න අපි සූදානමින් ඉන්නවා. ඒනිසා මම අවසාන වශයෙන් අපේ රටේ ආදරණීය තරුණ තරුණියන්ට කියනවා මේ සඳහා පෙළ ගැහෙන්න කියලා. ජාතිවාදයෙන් පිරිල තිබුණ තරුණ තරුණියන්ට අපි ජාතික සමගිය අරගෙන යන්න ඕනෑ. පසුගාමිත්වය තියෙන මේ රටේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම නූතන වාදය අරගෙන යන්න ඕනෑ. අයුක්තිය වෙනුවෙන් හිටපු තරුණ පරම්පරාවට යුක්තිය වෙනුවෙන් අපි මේ රටේ තරුණ පරම්පරාව පෙළ ගස්සන්න ඕනෑ. ඒක නිසා හරි පැහැදිලියි. මේක ඇතුලේ මොකවත් නෑ. අපිට තියෙන්නේ අවුරුදු 76ට පස්සේ අපිට තියෙනවා අපේ නිදහස දිනාගැනීමේ සටනක්. ඒ නව නිදහස් සටනක් සැමටම ඉතුරුවෙලා තියෙනවා. අවුරුදු 76ක් අපිව විනාශකරපු මේ පාලකයන්ව පරාජයට පත්කරල නව ක්‍රම වෙනසක් සමග නව නිදහස් අරගලය ඉදිරියටම යනවා. එය වළක්වාගත නොහැකි ඒ වෙනුවෙන් නව සටනක් තරුණ පරම්පරාව ඉදිරියට එන්න. සියළු දෙනාට ජයවේවා කියල පාර්ථනා කරනවා.”