තමා බලයට පත්වූ පසු විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස භාවිතා නොකරන බවයි සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
“මම බලයට පත්වුණාට පස්සෙ විධායක ජනාධිපති බලය හිතුවක්කාර විදියට භාවිතා කරන්නෙ නෑ. මේක තනතුරක් නෙවෙයි; ජනතාව ලබා දුන් වරමක්. ඒ වරම තුළ ජනතා සේවකයකු විදියට ඉටුකළ යුතු යුතුකමක් සහ වගකීමක් ඒ නිසා මේ යැපුම්භාවයෙන් ඉවත් වෙනවා වගේ ම රාමුවෙන් පිට පැනලා, අලුත් විදිහට හිතලා, බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න කටයුතු කරනවා. රටට හිතකර ලෙස ඒ බලතල භාවිත කරනවා.
ඒ තුළින් රට සම්පතින්, සෞභාග්යයයෙන් සවිබල ගන්වනවා. කුමන ආකාරයෙන්වත් සමගි ජන බලවේග රජය හෝ ආණ්ඩුව මහජනතාව බරක් වෙන්නෙ නැහැ. අපි පරමාදර්ශී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා. ජනතාව කැප කිරීම් කරන්න කලින් නායකයා කැපකිරීම් කරන්න ඕනෙ.
අද රටට අවශ්‍ය වෙලා තියෙන්නෙ ආදර්ශමත් නිහතමානී සවන් දෙන රාජ්‍ය පාලනයක්; දසරාජ ධර්ම කේන්ද්‍ර කර ගත් රාජ්‍ය පාලනයක්. ඒ වෙනුවෙන් මම කැපවෙනවා. අපේ රටේ හැම දෙනාට ම බෙදෙන සෞභාග්‍යයක්, සැවොම භුක්ති විදින ආර්ථික වර්ධනයක් සහ බුදු දහම කේන්ද්‍ර කර ගත් සෙසු ආගම්වලට ශක්තිය ලැබෙන, සදාචාර සම්පන්න, ශිෂ්ටසම්පන්න, යුක්ති ගරුක, විනයගරුක සාමකාමී දියුණු සංවර්ධනය වූ යහපත් රටක් නිර්මාණය කිරීමේ යුගයක් අපි නිර්මාණය කරනවා. එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනතා ආශිර්වාදයෙන් තාවකාලික භාරකරීත්වය සීමාසහිත කාලයකට බාර අරගෙන ඒ කාලය ඇතුළත ගෞරවනිය මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරනවා” යි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.