තමන් ජනාධිපති වූ මෙරට නිවාස නැති, ඉඩම් නැති සියලු ජනතාව සඳහා පසු ගම්උදා යුගය යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමන් නිවාස අමාත්‍ය ධුරය දරද්දී ආරම්භ කරන ලද ව්‍යාපෘති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අත්හිටුවන ලද බවත් වත්මන් ජනාධිපතිවරයාද එම ක්‍රියාව ඉදිරියට ගෙනවිත් ඇති බවත් ඔහු චෝදනා කරනවා.

තමන් ජනාධිපතිවරයා බවට පත් වූ පසු එසේ අත්හිටුවන ලද ව්‍යාපෘති සියල්ල සඳහා නැවත ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.