ජාතික ජන බලවේගයේ මැයි රැලි අතර පළමු වැනි රැලිය අද උදේ දහයට යාපනයේ දී පවත්වා තිබෙනවා. ඒ අද දවසේ ඔවුන් විසින් පවත්වන පළමු මැයි රැලිය යි. යාපනය නන්දයි සෙල්වා රඟහලේ පවත්වනු ලැබූවා. එහි ප්‍රධාන දේශනය ජාතික ජන බලවෙගයේ ජාතික විධායක සභික විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා. ඒ සදහා ජාතික ජන බලවෙගයේ ජාතික විධායක සභික සරෝජා පෝල්රාජ් ද එක්ව සිටියා.

මෙවර විශේෂත්වයක් වන්නේ පළමු වරට ජාතික ජන බලවේගය රට පුරා තැන් හතරක දී සිය මැයි දින රැලි සහ පෙළපාලිය පැවැත්වීම යි. ඒ යාපනය, කොළඹ, මාතර සහ අනුරාධපුරයේ දී යි.කොළඹ මැයි රැලිය ආරම්භ කරන පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ කරනවා. රැලිය පවත්වන්නේ සවස 3.30ට CWW කන්නන්ගර මාවතේ දී යි. මාතර මැයි රැලියේ පෙළපාලිය සවස 2.00 ට මාතර, රාහුල හංදියෙන් ආරම්භ කිරීමට නියමිතයි. මාතර රැලිය සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට නියමිතයි. අනුරාධපුරය මැයි දින සැමරුමේ පෙළපාලිය සවස 2.00 ට අනුරාධපුර, වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වෙනවා. රැලිය සවස 3.30 ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.